3.9 C
New York

කොටස් වෙළෙඳ පොළ තුන්වැනි දිනටත් ඉහළ නගී

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (29) දිනයේ ගනුදෙනු 23,353 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,488ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 12කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,624ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,149
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 333
  • එල්ඕඑල්සී සමාගම ‍රුපියල් මිලියන 224

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 53
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් කොටස් මිලියන 10
  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • පෑන් ඒෂියා බැංකුව 27%
  • සමූපකාර රක්ෂණ සමාගම 25%
  • ඩයලොග් ෆිනෑන්ස් සමාගම 24%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 331
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 207
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  170

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 82ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 19කොටස් විකුණා තිබිණි. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙට රුපියල් මිලියන 63ක ආයෝජනය අද දිනයේ එක්කර තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 51
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 07
  • හේලීස් සමාගම රුපියල් මිලියන 07
  • ඩය‍ලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 04
  • හේමාස් සමාගම රුපියල් මිලියන 02

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 06
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 01
  • සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img