spot_img
spot_imgspot_img

ඉදිරියේ දී සිදුවන දේ ගැන ජනාධිපති කියයි

පුවත්

විදෙස්

පාර්ලිමේන්තුව නියේජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ආරාධනා කරන බව ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මේ වනවිට ස්වාධීනව සිටින පක්ෂ සහ නියෝජිතයන් සමඟ අද (29) පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති මාධ්‍ය අංශය විසින් එම නිවේදනය නිකුත් කර තිබේ.

ජාතික එකඟතා ආණ්ඩුවක් බිහිකර රජයේ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමට ප්‍රථම පියවර ලෙස ‍පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත ජාතික සභාවක් පත්කරගැනීමට අවධානය යොමුව තිබේ.

පක්ෂවල නියෝජිතයන් ඉදිරිපත් කළ පොදු යෝජනාවලියේ අඩංගු කරුණු සඳහා ‍දේශපාලන පක්ෂ සහාය දක්වන්නේ නම් තමා ඊට එකඟවන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

මෙම සාකච්ඡාවට සහභාගී වූ නියෝජිතයන් අතරින් 05 දෙනෙක් නම් කිරීමට ද තීරණය කර ඇත. ඔවුන් විසින් පොදුජන පෙරමුණ ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂ අදහස් ලබාගැනීමෙන් පසු ක්‍රමවත් වැඩපිළිවෙලක් සකසා ගැනීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක්ව ඇත.

පාර්ලිමේන්තුවේ සියලු ‍පක්ෂවල නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් විසින් නව අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමට ද අද යෝජනා වී තිබේ.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!