-1.1 C
New York

මන්ත්‍රීවරුයකුට උද්ඝෝෂණයට යන්න එපා යැයි අධිකරණයෙන් නියෝගයක්

Published:

රටේ දකුණු ප්‍රදේශවල ක්‍රියාත්මක උද්ඝෝෂණවලට එරෙහිව පොලිසිය අධිකරණ නියෝග ගැනීමට කරන ලද උද්ඝෝෂණ අධිකරණයෙන් ප්‍රතික්ෂේප වුව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ආණ්ඩු විරෝධී උද්ඝොෂණවලට සහභාගීවීම වළක්වමින් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ.සුමන්දිරන් පවසන්නේ කලවංචිකුඩ පොලිසිය මෙම අධිකරණ නියෝගය ලබාගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි ෂානක්කියන් රාජපුත්තිරන් රාසාමාණික්කම් හට එරෙහිව බවයි.

දකුණේ ජනතාවට වඩා වෙනස් වූ නීතියක් උතුරේ ජනතාවට ක්‍රියාත්මක වීම පිළිබඳ තමන් පුදුමයට පත්වන බව සුමන්දිරන් පවසයි.

මෙම නියෝගය සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නීතිවේදීන් සමඟ සාකච්ඡා කරන බව ද දෙමළ ජාතික සන්ධානය කියා සිටියි.

Related articles

Recent articles

spot_img