-3.7 C
New York

පොහොර තහනමෙන් ගොවියාගේ මානව අයිතිය අහිමිවූවා යැයි පැමිණිල්ලක්

Published:

නිසි විද්‍යාත්මක පදනමක් නොමැතිව අදූරදර්ශීව රසායනික පොහොර භාවිතය තහනම් කිරීමෙන් ගොවි ජනතාව ඇතුළු වගාකරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි පවසමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් නීතිපතිවරයා ඇතුළු  වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ නීතිඥ තාරක නානායක්කාර, නීතිඥ එරන්ද වැලිඅංගේ සහ ඉමදුව කෝදාගොඩ ගොවි සංගමයේ ලේකම් තිලක් අමරදිවාකර යන තිදෙනා විසිනි.

ඔවුන් පවසන්නේ මෙය මහජන අර්ථසාධක නඩුකරයක වශයෙන් ගොනුකරනු ලැබූ බවයි.

එහිි වගඋත්තරකරුවන් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ, කෘෂිකර්ම ඇමිතිවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ, වැවිලි ඇමති රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සහ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පිරිසක් නම්කර තිබේ.

Related articles

Recent articles

spot_img