-2.1 C
New York

වැඩවර්ජන මැද කොටස් වෙළෙඳ පොළ ඉහළ නගී

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (28) දිනයේ ගනුදෙනු 24,506ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,984ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 330කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,611ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,575
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 231
  • එල්ඕඑල්සී සමාගම ‍රුපියල් මිලියන 113

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 38
  • එස්.එන්.බී. ලීසිං සමාගම කොටස් මිලියන 19
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් කොටස් මිලියන 14

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • යුනියන් ඇෂුවරන්ස් සමාගම ‍49%
  • එල්ඕඑල්සී සමාගම 26%
  • ටැන්ජරීන් බීච් හෝටලය 24%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගමේ කොටස් ලක්ෂ 08ක් රුපියල් 35.00 බැගින්
  • ඩයලොග් ආසියාටා සමාගමේ කොටස් මිලියන 05ක් රුපියල් 9.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 334
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  165
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 196

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 105ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 107කොටස් විකුණා තිබිණි. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් රුපියල් මිලියන 02ක ආයෝජනය ඊයේ දිනයේ ඉවත් කරගෙන තිබේ.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 27
  • ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 13
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 09
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 09
  • හේමාස් සමාගම රුපියල් මිලියන 05

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 38
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 32
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 10
  • සිලෝන් ගාර්ඩියන් සමාගම රුපියල් මිලියන 02
  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 01

දිගින් දිගටම විදේශ විනිමය අනුපාතික මිල ගණන් ඉහළ යාම හමුවේ භාණ්ඩ හා සේවා අපනයන සමාගම්වලට ලැබෙන ලාභය අධික වීමෙන් එකී සමාගම්වල කොටස් කෙරෙහි ආයෝජකයන්ගේ දැඩි ඉල්ලුමක් ඇතිවී තිබේ. ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදය ඉතා ඉක්මණින් විසඳුනහොත් කොළඹ කොටස් වෙළෙඳ පොළ පෙර පැවැති ආකාරයෙන් වර්ධනයක් අත්කරගනු ඇතැයි ආ‍යෝජකයෝ විශ්වාසය පළකරති.

Related articles

Recent articles

spot_img