spot_img
spot_imgspot_img

සියලු පුවත්පත්වල මිල වැඩිකරයි. පත්තර කර්මාන්තය අනතුරේ

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ සියලු පුවත්පත් මිල මැයි මස 01 වැනි දා සිට වැඩිකිරීමට පුවත්පත් ආයතන තීරණය කර තිබේ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ පුවත්පත් මුද්‍රණය කිරිමේ සහ බෙදාහැරීමේ පිරිවැය විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් මෙලෙස මිල වැඩි කිරීමට සිදුව ඇතැයි එම සමාගම් විසින් තම අළෙවි නියෝජිතයන්ට යැවූ ලිපියක සඳන් කර ඇත.

කෙසේ වෙතත්, කොරෝනා වසංගතයේ ආරම්භයත් සමඟ මෙරට පුවත්පත් කර්මාන්තය බරපතල අර්බුදයකට ලක්වූ අතර අළෙවිය ද විශාල වශයෙන් පහත වැටිණි. කොරෝනා වසංගතය හේතුවෙන් පුවත්පත් මුද්‍රණය නවතා ඒවා e-papers පමණක් නිකුත් කිරීමට ද සිදුව තිබිණි.

මීට අමතරව පාඨකයන් මෙන්ම මාධ්‍ය විශ්ලේෂකයන් ද පවසන්නේ ශ්‍රී ලාංකාවේ සියලු පුවත්පත්වල ගුණාත්මක බව අඩුවී විශ්වාසවන්ත බව ද හීනවී යාම හේතුවෙන් පාඨකයා පුවත්පත්වලින් ඈත් වෙමින් සිටින බවයි.

ලබන 01 වැනි දා සිට සිදුකෙරෙන මිල වැඩි කිරීමද ශ්‍රී ලංකාවේ පුවත්පත් කර්මාන්තයට හානිකර ලෙස බලපානු ඇතැයි පුවත්පත් කලාවේදීන් ම පවසයි.

පුවත්පත්වල නව මිල පහත දැක්වෙයි.

ඉරිදා ලංකාදීප – රුපියල් 130.00

ඉරිදා දිවයින – රුපියල් 130.00

ඉරිදා අරුණ – රුපියල් 150.00

ඉරිදා මව්බිම – රුපියල් 130.00

දිනපතා ලංකාදීප – රුපියල් 40.00

දිනපතා අරුණ – රුපියල් 50.00

දිනපතා මව්බිම – රුපියල් 40.00

අද – රුපියල් 30.00

දේශය – රුපියල් 80.00

Sunday Times – Rs. 130.00

Sunday Island – Rs. 130.00

Sunday Morning – Rs. 150.00

Ceylon Today – Rs. 130.00

Daily Mirror – Rs. 40.00

DFT – Rs. 40.00

Daily Island – Rs. 40.00

Daily Morning – Rs. 50.00

Ceylon Today 40.00

ඉරිදා තමිලන් – රුපියල් 100.00

දිනපතා තමිලන් – රුපියල් 50.00

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!