spot_img
spot_imgspot_img

ලිට්‍රෝ ගෑස් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි. විකල්ප හොයාගන්න වෙයි

පුවත්

විදෙස්

ආර්ථික අර්බුදය අවසන්වනතුරු ලිට්‍රෝ ගෑස් සපයනු ලබන්නේ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා සහ නගරවලට පමණක් යැයි ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

මෙරට දෛනික ගෑස් අවශ්‍යතාව සිලින්ඩර 60,000ත් 80,000ත් අතර වුව ද ගෑස් සිලින්ඩර සැපුයම දිනකට 30,000ක් දක්වා අඩුකරන බව ද එම සමාගමේ ප්‍රකාශකයකු කීහ.

සාමාන්‍ය ගෑස් පාරිභෝගිකයන්ගෙන් 27%ක් පමණ ගෑස් පමණක් ම පාවිච්චිකරන බව ද ලිට්‍රෝ සමාගම පවසයි.

රටේ සාමාන්‍ය ගෑස් ඉල්ලුම සපුරාලීමට මාසිකව ඩොලර් මිලියන 30ක් අවශ්‍ය වුව ද එය කළ නොහැකි තත්වයකට රට පත්ව ඇති බැවින් මෙලෙස ගෑස් සැපයුම සීමා කිරීමට සිදුව ඇති බව එම උසස් නිලධාරියා පවසයි.

ලිට්‍රෝ සමාගම පවසන්නේ දර හෝ වෙනත් ඉන්ධන භාවිතා කළ හැකි සියලු ජනතාව එම ඉන්ධන සඳහා මාරුවීම රට වෙනුවෙන් කළ යුතු සේවයක් බවයි. ජනතාව මේ තත්වය තේරුමනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!