spot_img
spot_imgspot_img

සර්වපාක්ෂික ආණ්ඩුවකට, කොන්දේසි යටතේ සාකච්ඡා කිරීමට සූදානම්

පුවත්

විදෙස්

රටේ ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡාවකට එන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද ආරාධනය කොන්දේසි කිහිපයක් යටතේ පිළිගැනීමට ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 11 තීරණය කර තිබේ.

මෙම තිරණය ගෙන ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිවෙසේ අද (28) පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

පක්ෂ 11 තීරණය කර ඇත්තේ, ජනාධිපතිවරයා ආරාධනා කර ඇති සාකච්ඡාවට අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලය නොමැතිව ජනාධිපතිවරයා පමණක් සහභාගීවන්නේ නම් හෙට (29) ඒ සඳහා සහභාගී වීමටය.

වාසුදේව නානායක්කාර මහා රූපවාහිනී වාර්තාකරුවෙකුට මෙසේ කියයි.

“අපි හෙට ජනාධිපතිතුමා හමුවෙන්න යනවා. ඒ ගැන සතුටෙන් ඉන්නේ. ආණ්ඩුවක් පිහිටුවන්න කතා කරනවා. අපි නැවත ඇමතිකම් ගන්නේ නෑ, හෙට සාකච්ඡාවට අපේ 50 දෙනට වෙනම වෙලාවක් ඉල්ලලා තියෙනවා. අගමැතිතුමා ඉවත්වෙන්නේ නැත්නම් විශ්වාසභංග යෝජනාව ගේනවා.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (28) උදෑසන ප්‍රකාශ කළේ තම පක්ෂයේ මන්ත්‍රීවරු වන ශාන්ත බණ්ඩාර සහ සුරේන රාඝවන් දෙදෙනාට ලබා දී ඇති ඇමතිධූර ඉවත්කරන්නේ නම් පමණක් මෙම සාකච්ඡාවට සහභාගී වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!