-0.4 C
New York

තුන්වැනි ලෝක යුද්ධයක් අත ළඟ ? බටහිර රටවලට පහරදීමේ පුටින්ගේ සූදානම

Published:

යුක්රේනයට සහය දෙන ඕනෑම රටකට ක්ෂනික ප්‍රහාරයක් එල්ල කිරීමට පසුබට නොවන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ.

ශාන්ත පීටර්ස්බර්ග් නුවර දී රුසියන් ජනාධිපතිවරයා එරට නීති සම්පාදකයන් අමතමින් මේ බව කියා ඇත. රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම බටහිර රටකට පහර දීමට සැළසුම් කර ඇතැයි ද ඔහු පවසා තිබේ.

‘යුක්රේනයේ යම් කිසි රටක් සහය දෙනවානනම් ඔවුවන් දැන සිටිය යුතුයි අපි ඊට ක්ෂණික ප්‍රතිචාර දක්වන බව.” යැයි ජනාධිතිවරයා පවසා තිබේ.

“ ඕනෑම බටහිර රාජ්‍යයකට පහර දෙන්න ප්‍රමානවත් තරම් ආයුධ අපි සතුව තිබෙනවා. අපි අවසන් විකල්පය හැටියට ඒවා පයෛා්ජනයට ගන්නවා. ඒ බව සියලු දෙනා තේරුම්ගත යුතුයි.” පුටින් පවසයි.

රුසියාව සතුව න්‍යෂ්ඨික බය ඇති බැවින් යුද්ධය තවදුරටත් දිග් ගැසෙන්නේ නම් එය න්‍යෂ්ඨික යුද්ධයක් බවට පරිවර්ථනය වනු ඇතැයි දේශපාලන විචාරකයෝ අනතුරු අඟවති. එසේ වුවහොත් එහි බලපෑම සමස්ත ලෝකයට වඩාත් දරුණු ලෙස දැණෙනු ඇත.

https://www.reuters.com/world/europe/europe-denounces-gas-blackmail-sanctions-batter-russian-economy-2022-04-28/

Related articles

Recent articles

spot_img