සරාගී චරිත කිහිපයකට ම රංගනයෙන් දායක වූ ජනප්‍රිිය නිලි අනූෂා සොනාලි අද (28) උදෑසන කළුබෝවිල රෝහලේ දී මියගියාය.
මියයන විට 49 වැනි වියේ පසු වූ ඇය එක් දරු මවකි
කළුතර උපන් ඇය කළුතර බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති අතර වයස අවුරුදු දෙකහමාරක්ව සිටිය දී “හිතත් හොඳයි වැඩත් හොඳයි” නමැති චිත්‍රපටයක සුළු චරිතයකට පෙනී සිටි බව කියා තිබේ.
ඉන්පසු 1990 වර්ෂයේ දී සුමිත්‍රා පීරිස්ගේ “ගැහුණු ළමයි” චිත්‍රපටයේ රඟ පෑ ඇය වඩාත් ජනප්‍රිය වූයේ “විසි දැල” චිත්‍ර පටයෙනි. එහි රඟපාන විට ඇගේ වයස අවුරුදු 19කි. සුන්දර වරද නමැති චිත්‍රපටයේ ලිංගික දර්ශන සඳහා ද පෙනී සිටීමෙන් මහත් ආන්දෝලනාත්මක චරිතයක් වූ ඇය ලොකුදුව, සළුපට අහසට, හඬන කිංකිණි, දරු උපත, මමත් ගැහැනියක්. පුතා මගේ සූරයා, සංගිලි වැනි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී ඇත.
1995 වර්ෂයේ දී නැගී එන නිලියට හිමි “සරසවි සම්මානය” ද ඇයට හිමිවිය.
වසර කිහිපයක් මාංශපේෂි අක්‍රියවීමේ මයෝපති රෝගයෙන් පීඩා විඳි ඇය අද අළුයම කළුබෝවිල රෝහලේ දී මියගියාය.
