spot_img
spot_imgspot_img

රාජපක්ෂ පවුල, මාස 30ක දී රට බංකොලොත් කළ හැටි

පුවත්

විදෙස්

ලෝකයේ ප්‍රමුඛතම වෙළෙඳ ආර්ථික සඟරාවක් වන ‘Bloomberg’ හි A Powerful Dynasty Bankrupted Sri Lanka in Just 30 Months යනුවෙන් පළකර තිබූ ලිපියේ සිංහල පරිවර්ථනය.

Kai Schultz විසිනි

විරෝධතා කරුවන් විසින් රාජපක්ෂ පවුල බලයෙන් පහ කිරීමට උත්සාහ ගන්නා විට ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමේ අරගලයක් කරයි.

2019 නොවැම්බර් මාස‍යේ පැවැත්වූ ජනාධිපතිවරණයට පෙර, එය ජයග්‍රහණය කළ තරඟකරුවා වූ ගෝඨාභය රාජපක්ෂ තමන් ජයග්‍රහනය කළොත් බදු කප්පාදු කරන බවට පොරොන්දුවක් දුන්නා.  එය නොසැළකිලිමත් ක්‍රියාවක් දැන් බලයේ ඉන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රජය සිතුවේ මැතිවරණය ව්‍යාපාරයක් ලෙස පමණයි.

අගය එකතු කළ බද්ද 15% සිට 8% දක්වා අඩු කිරීමට සහ අනෙකුත් බදු ඉවත් කිරීමට ඔවුන් ඉදිරිපත් කරන ලද  ඒ “භයානක” ප්‍රතිඥාව ප්‍රතික්ෂේප කිරීම සඳහා එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර කෙටි සාකච්ඡාවක් පවා කැඳවූවා.

මංගල සමරවීර අමාත්‍යවරයාට එය සරල ගණිතයකි. ශ්‍රී ලංකාව වෙනත් ඕනෑම රටකට වඩා සාපේක්ෂ වශයෙන් අඩු ආදායමක් රැස් කර ඇති අතර, එහි අධික ණය බර නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මුදල් ලබාගැනීමට බලකර තිබෙනවා. 

“මෙම යෝජනා මෙලෙස ක්‍රියාත්මක කළහොත් මුළු රටම බංකොලොත් වනවා පමණක් නොව මුළු රටම තවත් වෙනිසියුලාවක් හෝ තවත් ග්‍රීසියක් බවට පත්වනු ඇති” මංගල සමරවීර එදා අනතුරු අඟවමින් කියා සිටියා.

යුද්ධය, රෝග සහ ඉහළ උද්ධමනය සහිත ලෝකයක් හරහා සැරිසරන ජනතාවාදී නායකයින්ට අනතුරු ඇඟවීමේ කතාවක් බවට පත් වූ ඔහුගේ අනාවැකිය සැබෑ වීමට මාස 30ක් පමණ ගත විය. 

වර්තමානයේ රාජවංශයක් සේ පෙනී සිටින ආසියාවේ බලවත්ම පවුලක් පුනර්ජීවනය කරමින් 2019 මැතිවරණයෙන් රාජපක්ෂ ජයග්‍රහණය කිරීමෙන් පසු, ඔහු සිය පළමු කැබිනට් රැස්වීමේ දී වහාම බදු කප්පාදුව සම්මත කළා. ඉන්පසුව ඔහු ඉක්මනින්ම තම ප්‍රබල සොහොයුරා වන මහින්ද රාජපක්ෂගේ 10 වසරක පාලන කාලය තුළ පැවති ජනාධිපති බලතල නැවත ඇතිකරමින්, බලය කේන්ද්‍ර ගත කරගත්තා.

2015 දී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර මෙම රාජපක්ෂ පවුල දශක තුනකට ආසන්න සිවිල් යුද්ධයක් අවසන් කිරීමේ ගෞරවය ලබාගෙන තිබුණා.

වඩාත් නිහතමානීව, ප්‍රජාතන්ත්‍රවාදීව රටේ පාලනය ගෙන යනවා වෙනුවට රාජපක්ෂ යුහුසුළු වූයේ ජනගහනයෙන් 75%ක් වන සිංහල බෞද්ධයන් අතර ජාතිකවාදයට ආයාචනා කරමින් පවුලේ ජනප්‍රියවාදී අධිකාරීවාදයේ සන්නාමය ප්‍රතිෂ්ඨාපනය කිරීමටයි. 

නමුත් එම උපාය ඉක්මනින්ම ආපසු හැරී ගියා. මෑත සතිවල දී ශ්‍රී ලංකාව ආහාර සහ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ගෙවීමට මුදල් නැති වූ අතර එය දිගු පෙට්‍රල් පෝළිම් සහ දිනපතා පැය 13 ක විදුලිය විසන්ධි කිරීමට හේතු වුණා. කෝපයට පත් පුරවැසියන් පාන් ගෙඩි පුළුස්සමින් ජනාධිපති ලේකම් කාර්යාලය වට කළා. බෙහෙත් සොයා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වට කළා. ගෝඨාභය රාජපපක්ෂ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කිරීම සඳහා විරෝධතාකරුවන් සති ගණනාවක් කොළඹ නගරයේ පිහිටි ජනාධිපති කාර්යාලයෙන් පිටත කඳවුරු බැඳගෙන සිටිනවා.

IMF, ලෝක බැංකුව, චීනය සහ අනෙකුත් ණය දෙන්නන්ගෙන් හදිසි අරමුදල් සොයන අතරම, පුරවැසියන්ට මූලික භාණ්ඩ සහතික කිරීමට රාජපක්ෂ පවුල දැන් සම්පූර්ණ හානි පාලනය කිරීමේ කාර්යයකට අත ගසා සිටිනවා. එය 1948 දී බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගැනීමෙන් පසු ප්‍රථම වතාවට විදේශ ණය ආපසු ගෙවීම පැහැර හැරියා. බදු කප්පාදුවෙන් පසු ඉහළ ගිය රටේ කොටස් හුවමාරුව, මේ වසරේ ලෝකයේ නරකම කාර්ය සාධනය වෙනවා. 

එපමණක්ද නොව, 2019 මැතිවරණයෙන් පසු ඔවුන් විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන ප්‍රතිපත්ති දෙකෙන් පසුබැසීමට රාජපක්ෂවරුන්ටද සිදුවුණා. මුදල් අමාත්‍ය අලි සබ්රි පැවසුවේ ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා අගය එකතු කළ බද්ද ඉහළ යා යුතු බවත්, විරුද්ධවාදීන් ගෝඨාභය ජනාධිපති ලෙස දෝෂාභියෝගයක් ගෙන මහින්ද අගමැති ලෙස ඉවත් කිරීමට උත්සාහ කරන බැවින් රාජපක්ෂවරු ජනාධිපති බලතල ආපසු හැරවීමට ඉදිරිපත් වී ඇති බවත් ඔහු කියා සිටියා.  

“රාජපක්‍ෂලා ඉවත් වෙනවා, නමුත් ඔවුන් යටත් වන බව එයින් අදහස් වෙන්නේ නැහැ” යනුවෙන් ස්වාධීන උපදේශක කණ්ඩායමක් වන ශ්‍රී ලංකා ජාතික සාම කවුන්සිලයේ විධායක අධ්‍යක්ෂ සහ පුවත්පත් තීරු ලිපි රචකයෙකු වන ජෙහාන් පෙරේරා පැවසීය. “රාජපක්ෂලා බයයි තමන් ගියොත් රට තුළත් ඉන් පිටතත් ඔවුන් ඉතා අවදානමට ලක් වෙයි කියලා. ඔවුන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, යුද අපරාධ චෝදනා සහ දූෂණ චෝදනාවලට මුහුණ දෙනවා.”

පසුගිය වසර 20න් 12ක්ම ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉහළම තැන් පාලනය කළේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විසින්. ඔවුන්ගේ අධීක්ෂණය යටතේ, විපක්ෂයේ සහ මාධ්‍යවල විචාරකයින් ශ්‍රී ලංකාව “මෘදු ඒකාධිපතිත්වයක්” ලෙස හඳුන්වන අතර රාජපක්ෂවරුන් විස්තර කරන්නේ “The Godfather” චිත්‍රපටයේ තිර නාටකය රචනා කළ මාරියෝ පුසෝ විසින් නිර්මාණය කරන ලද චරිත ලෙසයි. 

හිටපු ආරක්ෂක ප්‍රධානියෙකු වන 72 හැවිරිදි ගෝඨාභය රාජපක්ෂ, 2009 දී සටන් විරාමයකට පෙර 100,000 ක් පමණ මිනිසුන් මරා දැමූ දෙමළ බෙදුම්වාදීන්ට එරෙහි යුද්ධය අවසන් කිරීමට මාරාන්තික අවසාන සටන ගෙන ගියා. ඔහුගේ සහෝදරයා, පවුලේ දේශපාලන මහ මොළකරු වන 76 හැවිරිදි මහින්ද ජනාධිපති ලෙසත් දෙවරක් අගමැති ලෙසත් කටයුතු කළා. තවත් සහෝදර සහෝදරියන් දෙදෙනෙකු වන 79 හැවිරිදි චමල් සහ 71 හැවිරිදි බැසිල්, වරාය, කෘෂිකර්මය සහ මුදල් කළමනාකරණය කරමින් පවුල් පසුබිම සකස් කළා. ඥාතීන් දුසිම් ගණනක් ඉහළ තනතුරු දැරුවා. දරනවා.

රජයේ මාධ්‍ය මෙහෙයුම්කරුවකු වන මිලින්ද රාජපක්ෂ මෙම ලිපියට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළා. පසුගිය දා ක්‍රීඩා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ අගමැති මහින්ද රාජප්කෂගේ පුත් නාමල් රාජපක්ෂ කියා සිටියේ පසුගිය රජයෙන් අයහපත් ආර්ථිකයක් රජයට උරුම වූ බවයි. එය ද ප්‍රධාන ප්‍රතිපත්තිමය වැරදි කිහිපයක් සිදුකර ඇති අතර වසංගතයෙන් නිසා ඒවා ඉක්මණින් යථාතත්වයට පත්කිරීමට නොහැකි වූ බවයි. රජයට ආදායම් අහිමිවීම සහ දේශීය අ‍ායෝජකයන්ගෙන් අපේක්ෂිත ආයෝජන නොලැබීම නිසා බදු කප්පාදුව වසරකට පසු ආපසු හැරවීමට තිබූ බව ද ඔහු දුරකථනයෙන් සම්බන්ධ වී කියා සිටියා.

එමෙන්ම පරිපාලනය මීට වඩා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළ යුතු බවත් අභියෝ පිළබඳ ජනතාව දැනුම්වත් කිරීමට කාලය ගත කළ යුතුව තිබූ බව ද ඔහු පවසනවා.

“මෙවැනි දේ ක්‍රියාත්මක කිරීමේ දී දේශපාලන පක්ෂයක් ලෙස අපි එකඟ නොවූ ඇතැම් තීරණ තිබුණා” යැයි නාමල් රාජපක්ෂ කියා සිටියා.

“රාජපක්ෂ ප්‍රමුඛ රජය බලයේ සිටින නිසා ඔවුන්ට දොස් පැවරීම ගැන මම මහජනතාවට දොස් කියන්නේ නැහැ. ආණ්ඩුව බලයේ සිටින නිසා ඊට වගකිව යුතුයි. වර්තමාන තත්වය තනිකරම සැපයුම් දාමයේ බිඳවැටීම සහ පාලනය මත පදනම් වී තිබෙනවා. ජනාධිපතිවරයාට ස්ථිරව තීන්දු තීරණ අරගෙන රට පාලනය කළ යුතුයි. ඒ වගේ ම ආයතන නැවත යථාතත්වයට පත්කරන්න අවශ්‍යයයි.” ඔහු වැඩිදුරටත් පවසනවා.

රාජපක්ෂලා බලයට පත්වීමටත් පෙර රට තිබුණේ මූල්‍ය අර්බුදයක. දකුණු ආසියාතික රට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පවුල විසින් පාලනය කළ කාලයේ දී දකුණු වෙරළ තීරයේ පිහිටි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගැඹුරු මුහුදේ වරාය ව්‍යාපෘතියක් සඳහා චිනයෙන් විශාල ණය මුදලක් ලබාගත්තා. සිංගප්පූරුව වැනි තත්වයකට පත්කිරන බව කීවා. නමුත් බොහේ ව්‍යාපෘති නැවතී ඇති අතර 2010 සහ 2020 අතර විදේශ ණය දෙගුණයකට වඩා වැඩි වුණා.

ඉස්ලාමීය අන්තවාදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් පල්ලි සහ සුඛෝපභෝගී හෝටල්වලට එල්ල කළ ප්‍රහාරයෙන් 250කට වැඩි පිරිසක් මියගිය අතර 2019 පාස්කු ඉරිදා එල්ල වූ මේ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් රට තවමත් පීඩා විඳිමින් සිටිනවා. පැතිරී ගිය භීතිය හේතුවෙන් යුද අත්දැකීම් ඇති අපේක්ෂකයා පිටුපස පෙළ ගැසීමට ඡන්ද දායකයන් පෙළඹුණා.

“පශ්චාත් පාස්කු ඉරිදා සිදුවූ පසුබෑමෙන් මිදීමේ මාර්ගය බදු අඩුකිරිම් සහ අඩු පොළී අනුපාත බවට යම් උපකල්පනයක් තිබුණා” යැයි ආර්ථික විශේෂඥයකු සහ රජයේ ජාත්‍යන්තර වෙළෙඳ හා සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු උපදේශක අනුෂ්කා විජේසිංහ කියා සිටියා.

“එය වැරදීමක්”

සංචාරක ව්‍යාපාරයෙන් සහ ප්‍රේෂණවලින් ලැබෙන ආදායම හදිසියේ ම අඩු වූ වසංතය සමඟ ආර්ථිකයේ කඩා වැටීම පිළිබඳ පුළුල් බියක් ඇතිවුණා. ණය ශ්‍රේණිගත කිරීමේ සමාගම් ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ම පහතා හෙළා තිබෙනවා. නොනැසී සිටීමට, රජය මුදල් මුද්‍රණය කර 2019 දෙසැම්බර් සහ 2021 අගෝස්තු අතර සැපයුම 42%කින් ඉහළ නංවා ආසියාවේ වේගවත් ම උද්ධමනය ඇතිකිරීමට උපකාර කළා.

පසුගිය අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව තවත් කම්පනයකට ලක් වුණා. රජය හදිසියේ ම රසායනික පොහොර ආනයනය තහනම් කළා. නිලධාරීන් විසින් මේ කාරණය ප්‍රසිද්ධියට පත් කළේ “කාබනික ගොවිතැන වැළඳ ගැනීමට සහ පොහොර මාෆියාවට එරෙහිව සටන් කිරීමට” යන පෙ‍ෙරාන්දුවක් ඉටුකරන බව පවසමින්.

නමුත්, විජේසිංහ සහ අනෙකුත් ආර්ථික විශේෂඥයන්ට අනුව බොහෝ දෙනකු මෙම තීරණය දුටුවේ ඩොලර් ඉතිරිකර ගැනීමේ උත්සාහයක් ලෙසින්. ‍පොහොර තීරණය ගත් කාලය ආණ්ඩු පක්ෂය තුළ මතභේදයට තුඩු දෙන කරුණක් බව නාමල් රාජපක්කෂ හිටපු අමාත්‍යවරයා ම පවසනවා.

මේ තහනම රට ආපස්සට ගෙන ගියා. ශ්‍රී ලංකාවේ සමස්ත කෘසිකාර්මික දාමය, ශ්‍රම බලකායෙන් තුනෙන් එක්ක සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8%ක් පමණ වනවා. ඔවුන් විනාශවීමට මුහුණ දී සිටිනවා. වී අස්වැන්න නොලැබී ගිය අතර , සහල් ආනයනය කිරීමට සහ හානියට පත් ගොවීන්ට ආධාර කිරීම සඳහා මිල අධික ආහාර ආධාර වැඩසටහනක් ආරම්භ කිරීමට රජයට බල කෙරුණා.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ආදායම් මාර්ගයක් වූ තේ ආදායම අඩුවී සිඳී ගියා. නොවැම්බරයේ දී විරෝධතා ඇවිලෙද්දී ආණ්ඩුව මේ තහනම අර්ධ වශයෙන් වෙනස් කළා.

ආර්ථික ප්‍රතිපත්ති පර්යේෂණ කණ්ඩායමක් වන Advocata හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු කියා සිටියේ “බො‍හෝ විශේෂඥයන් ඉදිරිපත් වී මෙය ආහාර සුරක්ෂිතතාවයට බලපාන විනාශකාරී ප්‍රතිපත්තියක් බව ප්‍රකාශ කළා. නමුත් අවාසනාවකට රජය එම තීරණයට ම නැඹුරු වුණා”  යනුවෙනි.

ප්‍රතිපත්තිමය වැරදි නිසා දුප්පතුන් සඳහා ආහාර, විදුලිය සහ ඖෂධ හිඟයක් ඇති වූ අතර ‍කෝපයට පත් විරෝධතාකරුවන් “Go Home Gota” යනුවෙන් කෑගසමින් වීදි බැසීමට පෙළඹුනා.

රජය සමඟ සන්ධානගත වී සිටි මන්ත්‍රී කණ්ඩායම් ඉවත්වීම නිසා රාජපක්ෂලාට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලය අහිමිවූ අතර ඔවුන් දැන් බලයෙන් පහ කිරීමට විපක්ෂය දරන උත්සාහයට මුහුණ දීමට උත්සාහ දරමින් සිටිනවා.

පවතින මූල්‍ය අර්බුදය නිසා මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම නොහැකි තත්වයක් උදාවී ඇතත් මත විමසුම්වලින් පෙනී යන්නේ රාජපක්ෂලා විශාල නායයාමකට මුහුණ දී පරාජය වනු ඇති බවයි.

Verite Research විසින් ජනවාරි මාසයේ සිදුකරන ලද පළමු “Mood of the Nation” ම විමසුම පෙන්නුම් කළේ රජය අනුමත කරන ප්‍රමාණය 10%ක් පමණක් බවයි. රාජපක්ෂ ආණ්ඩුව “අපගේ ඉවසීමේ සහ නොපසුබට උත්සාහයේ මට්ටම පරීක්ෂා කරමින් සිටී.” යැයි විරෝධතා පෙළපාලි කිහිපයකට ම සහභාගී වූ මලික් නසාහිම් පවසනවා.

“ඒක තමයි අපිව ඉස්සරහට තල්ලු කරන්නේ. අපිට වෙනසක් අවශ්‍යයි. අපට එය දැන් අවශ්‍ය කරනවා.”

සම්පූර්ණ මුල් ලිපිය පහතින්

A Powerful Dynasty Bankrupted Sri Lanka in Just 30 Months

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!