-5.9 C
New York

හෙට දිනයේ බස් ධාවනය සිදුවන හැටි

Published:

ආණ්ඩුවට විරෝධය දක්වමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පුද්ගලික අංශය විසින් හෙට (28) දිනයේ ප්‍රකාශයට පත්කර ඇති වැඩවර්ජනය හමුවේ බස් රථ ධාවනය පිළිබඳ විවිධ මත පළවෙමින් තිබේ.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ඒ.එච්.පණ්ඩුක පවසන්නේ හෙට දිනයේ කිසිදු ගැටලුවකින් තොරව බස් රථ ධාවනය කරන බවයි.

එසේ වුව ද සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ පවසන්‍නේ එම වර්ජනයට සහය වෙමින් සියලු සේවා වලින් ඉවත්වන බවයි. ශ්‍රී ලංගම වෘත්තීය සමිති 07ක් ඇති අතර ඉන් තුනක් මෙම වර්ජනයට සහාය පළකරන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ.

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ පෞද්ගලික බස් රථ මෙම වර්ජනයට සහාය ලබා නොදන බවයි. එසේ වුව ද ඒ සම්බන්ධයෙන් බස් රථ හිමියන් ස්වාධීනව තීරණනයකට එළැඹෙනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

Related articles

Recent articles

spot_img