-4.8 C
New York

රඹුක්කන සිද්ධියේ පොලිස් ලොක්කාගේ දුරකථනයේ කුළුණු වාර්තාවක් කැඳවයි

Published:

රඹුක්කන නගරයේ උද්ඝෝෂණයේ නිරත වූ පුද්ගලයන් විසුරුවාහැරීම සඳහා වෙඩි තැබීමට අණ ලබාදුන් බව පැවසෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ජංගම දුරකථනයට එදින ලැබුණු ඇමතුම් පිළිබඳ වාර්තාවක් ලබාගන්න යැයි අද (27) කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්තා නවරත්න නියෝග කළාය.

මෙම සිද්ධිය අතරතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබුණු දුරකථන ඇමතුම් පරීක්ෂා කිරිමෙන් ජනතාවට වෙඩි තබන ලෙස අණ කළ පුද්ගලයා කවුරුන්ද යන්න අනාවරණය කරගත හැකිවනු ඇතැයි අගතියට පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු අධිකරණයට කියා සිටියහ.

පොලිස්පතිවරයා මීට පෙර පවසා තිබුණේ එම වෙඩි තැබීම සම්බන්ධයෙන් තමා අණ නොදුන් බවයි.

Related articles

Recent articles

spot_img