-0.4 C
New York

යාචකයාගේ පිහි පහරින්, පුද්ගලයෙක් මරුට

Published:

බත්තරමුල්ලේ සුපිරි වෙළෙඳ සැළක් අසළ සිටි යාචකයකු විසින් පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මි‍යගොස් ඇත්තේ මාළඹේ, පොතුඅරාව පදිචි 57 හැවිරිදි පුද්ගලයෙකි.

වෙළෙඳ සැළෙන් භාණ්ඩ කිහිපයක් මිල දී ගෙන ආපසු යාමේ දී ඒ ඉදිරිපිට සිටි යාචකයා සමඟ කිසියම් බහින්බස් වීමක් ඇතිවී තිබෙන බවත්, ඉන් පසු යාචකයා විසින් ඔහුට තියුණු ආයුධයකින් පහර දී ඇති බවත් මූලික පරීක්ෂණළුල දී අනාවරණය වී තිබේ.

තුවාලකරු කොස්වත්ත රෝහලට ඇතුළත්කරන විටත් මියගොස් සිටි බව වෛද්‍යවරු කියති.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

spot_img