spot_img
spot_imgspot_img

රටේ රාජ්‍ය සේවය ම කොට උඩ. සල්ලි නැතිව ඉදිකිරීම්, සුබ සාධන, සාමාන්‍ය කාර්යාල වැඩ නවතී

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතල මූල්‍ය අර්බුදය හේතුවෙන් රජයේ සියලු වියදම් පාලනය කිරීමට මුදල් අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතන වෙත විශේෂ දැනුම් දීමක් කර තිබේ.

මේ සම්බන්ධයෙන් සියලුම රාජ්‍ය ආයතන වෙත අද (26) දිනැතිව BD/CBP/01/01/04-2022 අංක සහිත උපපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

එම උපදෙස් මාලාව අනුව,
ඉන්ධන සහ සන්නිවේදන දීමනා ගෙවීම් පාලනය කිරීම, ජල හා විදුලිබල වියදම් සීමා කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම සහ කුලියට ගැනීම නැවැත්වීම, විදේශ අධ්‍යයන චාරිකා සහ පුහුණු වැඩසටන් නැව්තවීම, විවිධ දීමනා ගෙවීම් අත්හිටුවීම සහ සුබසාධන, සහනාධාර හා සංවර්ධන වැඩසටහන් වෙනුවේන නව ගිවිසුම් ඇතිකර නොගැනීම කළ යුතුයැයි උපදෙස් ලැබී තිබේ.

පසුගිය අයවැය යෝජනාවින් ඉදිරිපත් කරන ලද ප්‍රසම්පාදන කටයුතු ඇතුළු සියලු ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවිය යුතු බව ද කොන්ත්‍රාත්කරුවන් සමඟ ගිවිසුම්ගත වී තිබුණ ද මෙතෙක් කටයුතු ආරම්භකර නොමැති ව්‍යාපෘති හා මිල දී ගැනීම් නැවැත්වීමේ හැකියාව සොයා බලා නැවැත්වීමට කටයුතු කරන ලෙස ද උපදෙස් දී තිබේ.

එමෙන් ම දැනට අමුද්‍රව්‍ය හිඟය හෝ කවර හෝ හේතුවක් නිසා මිල දී ගැනීම් නැවතී, ඉදිකිරීම් නැවතී හෝ ඇති ව්‍යාපෘති කල් තැබීමට කටයුතු කරන ලෙසත් කොන්ත්‍රාත්කරුට සහ රජයට අවාසියක් නොවන ලෙස එය සිදුකිරීමටත් මුදල් අමාත්‍යාංශය සියලුම රාජ්‍ය ආයතන වෙත උපදෙස් දී ඇත.

අයවැය යෝජනා ලෙස ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන වෙන්කර තිබූ ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවීමටත්, ආරම්භ කිරීමට අනුමැතියක් ලබාගෙන නැති ව්‍යාපෘති සඳහා ඉඩම් හෝ වෙනත් අත්පත් කිරීම් ආරම්භ නොකිරීමටත් උපදෙස් ලැබී තිබේ.

මේ වනවිට සැළසුම් කර ඇති සේවක බඳවාගැනීම් සියල්ල නතර කිරීමට ද සිදුවන අතර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර නොමැති කිසිම දීමනවාක් සුබසාධන වැඩසටහනක් හෝ සහනාධාර ලබාදීම් හෝ සිදුකිරීමට රාජ්‍ය ආයතනවලට තවදුරටත් අවසර නැත.

අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුමැතිය යටතේ ගෙවනු ලබන වැටුප් නොවන දීමනා බිල්පත් ප්‍රතිපූර්ණය කිරීම් යනාදිය සමාලෝචනය කර ඒවා සත්‍ය වශයෙන් කාර්යයේ නියැළෙන අය සඳහා පමණක් ලබාදිය යුතු බවත්, රජයේ නිලධාරීන්න සඳහා අත්තිකාරම් ගිනුම් යටතේ ලබාදෙන ණය පහසුකම් මේ වසර අවසානය දක්වා ලබා නොදෙන ලෙසත් මුදල් අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.

එමෙන් ම ලිපි ද්‍රව්‍ය හිඟයක් පවතින බැවින් රාජ්‍ය ආයතන අතර සන්නිවේදන කටයුතු සඳහා හැකිතාක් විද්‍යුත් ක්‍රම‍වේද භාවිතා කළ යුතු වේ.

සියලු ම ආකාරයේ සුබ සාධන හා සහනාධාර වැ‍ඩසටහන් ද සමාලෝචනය කර අත්‍යාවශ්‍යම අයට පමණක් ලබාදීමට කටයුතු කරන ලෙස ද මුදල් අමාත්‍යාංශය ලබාදුන් උපදෙස් අතර වෙයි.

පැමිණීම තවුරු කරගැනීමකින් තොරව කරනු ලබන සියලුම අතිකාල දීමනා ගෙවීම් අත්හිටුවීම හා විවිධ අයුරින් ලබාගන්නා අතිකාල දීමනාවන්හි එකතුව වැටුප ඉක්මවා නොයන පරිදි සකස් කිරීමට ද මින් ඉදිරියට මෙම උපදෙස් මාලාව අනුව ආයතන ප්‍රධානීන්ට සිදුවෙයි.

මෙහි වැදගත්ම කරුණක් වන්නේ ඉදිරියේ දී ප්‍රතිපාදන ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන ඉක්මවා වියදම් නොකළ යුතු බවයි.

නිල රථ භාවිතා කිරිමේ දී ද නිල හිමිකම අනුව එක් වාහනයක් පමණක් නිශ්චිත ඉන්ධන සීමාවන් තුළ භාවිතා කිරීමට වග බලාගත යුතුයැයි ද මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති උපදෙස් මාලාවේ සටහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!