කුඩා බස් රථයක සිදුවූ බෝම්බ පිපිරීමකින් පාකිස්ථානයේ කරච්චි විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ සේවයේ යෙදී සිටි චීන ජාතිකයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.
බෝම්බය පිපිරෙන විට බස් රථයේ ගමන් ගත් මගීන් අතර චීන ජාතිකයින් තිදෙනා සිටි බවත් එහි සිටි පකිස්ථානු ජාතිකයෙකු ද මිය ගිය බවත් පොලිසිය පවසයි. රථයේ සිටි ප්‍රාදේශීය ආරක්ෂකයෙකු සහ තවත් චීන ජාතිකයෙකු බරපතල ලෙස තුවාල ලබා ඇත.
Baloch Liberation Army (BLA) නම් බෙදුම්වාදී කණ්ඩායම පිපිරුමේ වගකීම භාරගත් අතර, එය මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් සිදු කරන ලද්දක් බව තහවුරු වී ඇත.
අගමැති ෂෙබාස් ෂරීෆ් මේ මාසයේ බලයට පත්වීමෙන් පසු පාකිස්තානයේ නාගරික ප්‍රදේශයක සිදුවූ පළමු ප්‍රධාන ප්‍රහාරය මෙයයි. ත්‍රස්තවාදයේ බියගුලු ක්‍රියාවක් ලෙස මෙම ප්‍රහාරය ඔහු හැඳින්වූ අතර එය ඔහු හෙළා දුටුවේය.
“අද කරච්චි හි සිදු වූ දරුණු ප්‍රහාරයෙන් අපගේ චීන මිතුරන් ඇතුළු වටිනා ජීවිත අහිමි වීම ගැන මම දැඩි ලෙස ශෝක වෙමි,” ෂරීෆ් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
විශ්ව විද්‍යාල ප්‍රකාශකයෙකු රොයිටර් පුවත් සේවයට පැවසුවේ මියගිය අය අතර චීන භාෂා හා සංස්කෘතික මධ්‍යස්ථානය වන කොන්ෆියුසියස් ආයතනයේ චීන අධ්‍යක්ෂ සහ එම ආයතනයේ පීඨ සාමාජිකයින් දෙදෙනකුද සිටින බවයි.
පකිස්ථාන විදේශ කාර්යාලයද ප්‍රහාරය හෙළා දැක තිබේ.
“බියගුලු සිදුවීම පකිස්තාන-චීන මිත්‍රත්වයට සහ අඛණ්ඩ සහයෝගීතාවයට සෘජු ප්‍රහාරයක්” යැයි පකිස්ථානයේ විදේශ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
පසුගිය වසරේ උතුරු පකිස්ථානයේ දී මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් චීන ජාතිකයින් 9 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකුට මරු කැඳවමින් මගී බස් රථයක් පුපුරුවා හැරීමෙන් පසු පකිස්ථානයේ චීන ජාතිකයින්ට එරෙහි පළමු ප්‍රධාන ප්‍රහාරය මෙම පිපිරීමයි.
BLA විසින් මෙම වසර මුලදී නිරිතදිග බලුකිස්තාන් පළාතේ හමුදා කඳවුරු දෙකකට ප්‍රහාර එල්ල කළ අතර, සොල්දාදුවන් හත් දෙනෙකු මිය ගිය අතර, පකිස්ථාන හමුදාව සමඟ පැයක දිගු වෙඩි හුවමාරුවකින් ප්‍රහාරකයින්ගෙන් 13 දෙනෙකු අහිමි විය.
https://www.reuters.com/world/asia-pacific/van-blast-pakistans-karachi-kills-four-2022-04-26/