-2.1 C
New York

අරලියගහ මැදුරට ආරක්ෂාව තරකරයි. පොලිස් රථ විශාල සංඛ්‍යාවක් ගෙන එයි

Published:

අග්‍රාමාත්‍ය නිල නිවස වූ අරලියගහ මන්දිරය වටා පොලිස් බස් රථ සහ ට්‍රක් රථ ගෙනවිත් නවතා දැඩි ආරක්ෂක රැකවල් තරකර තිබේ.

මේ වනවිට අරලියගහ මන්දිරය ඉදිරිපිට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් අඛණ්ඩ උද්ඝෝෂණයක් ආරම්භ කර ඇති අතර එම ස්ථානයේ කූඩාරම් පවා ඉදිකර තිබේ. මෙම කූඩාරම් ඉවත්කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමට පොලිසිය උත්සාහ ගත්ත ද එය ව්‍යර්ථ විය.

ඉන් පසු මෙලෙස පොලිස් බස් රථ සහ ට්‍රක් රථ ගෙනවිත් නවතා අරලියගහ මන්දිරය බලකොටුවක් බවට පත්කර ඇති අතර මාර්ග බාධක විශාල ප්‍රමාණයක් ද යොදා ඇත.

Related articles

Recent articles

spot_img