-4.8 C
New York

“වැටුප් ගෙවන්න සල්ලි නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශය අවදානමේ” – ඇමති කියයි

Published:

සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ මුදල් අවසන් වී තිබීම හේතුවෙන් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයන්ට වැටුප් සහ අතිකාල දීමනා ගෙවාගත නොහැකි තත්වයක් උදා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

මෙම වසර සඳහා තවත් අය වැයක් ඉදිරිපත් නොකළහොත් තත්වය ඉතාමත් භයානක බව ඔහු කියා සිටියේය.

“භාණ්ඩ සහ සේවා මිල ගණන් ඉහළ යාම නිසා මේ තත්වය ඇති වුණා. දැන් භාණ්ඩ මිල නිසා වෙනදා රුපියල් 50,000.00ක වැටුපක් ගත්තු කෙනෙකුට අද ඒ මුදලින් ජීවත් වෙන්න බැහැ. නමුත් අපිට උපදෙස් ලබා දී තිබෙන්නේ අතිකාල දීමනා කපා හරින්න කියලා. මේක බරපතල ප්‍රශ්නයක්. වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ. ඉදිරි මාස කිහිපය සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනියන්නේ කොහොම ද කියලා ගැටලුලවක් තියෙනවා.” යැයි ද ඇමතිවරයා කීවේය.  

Related articles

Recent articles

spot_img