ආණ්ඩුවට විරෝධය දක්වමින් ලබන 28 වැනි දා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පුද්ගලික හා වතු ආශ්‍රිත සියළු ම වෘත්තීය සමිති ඒකාබද්ධ වැඩ වර්ජනයක යෙදීමට තිරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධයස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම, අත්‍යාවශ්‍ය දැ හිඟවීම, සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වීම යන කරුණු මූලික කරගනිමින් මෙම වැඩ වර්ජනය පවත්වන බවයි.
රටේ ක්‍රියාත්මක සියලු වෘත්තීය සමිති මෙම වැඩවර්ජනයට සිය සහයෝගය ලබාදුන්න ද වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සභබාපතිත්වය දරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සභාපතිත්වය දරන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම වැඩ වර්ජනය සඳහා සහාය දීමට මෙතෙක් ඉදිරිපත් වි නැත.

