රජයේ සේවකයන්ගේ අතිකාල දීමනා, නිවාඩු දින වැටුප් සහ ඇමතුම් දීමනාවලින් ප්‍රතිශතයක් කපා හැරීමට රජය තීරණය කර තිබේ.
රජය එළැඹ ඇති තීරණය අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධයක්ෂවරයා විසින් සියලුම සේවක සේවිකාවන් වෙත ලිඛිත දැනුම් දීමක් කර ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් BD/HRD/111/04/2022 අංක දරණ 2022-03-23 දිනැති ලිපිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ගේ අංක FEH/01/2022 අංක දරණ 2022-03-30 දිනැති ලිපිය අනුව නිකුත් කර ඇති අභ්‍යන්තර චක්‍රලේඛ අංක 01/2022 අනුව මෙම කප්පාදුව සිදුකර ඇත.
ඒ අනුව අතිකාල දීමනා, නිවාඩු දින වැටුප් සහ ඇමතුම් දීමනා මාසික එකතුව රුපියල් 30,000.00ට අඩුවෙන් ලබාගන්නා අයකුට සම්පූර්ණ දීමනාව හිමිවෙයි. එම දීමනාව 30,001.00ත් – 50,000.00ත් අතර නම් හිමිවිය යුතු මුදලින් 85% පමණක් ගෙවීමට නියමිතය. දීමනාව 50,001.00ත් 100,000.00ත් අතර නම් ගෙවනු ලබන්නෙන් 80%ක් පමණි. හිමිවිය යුතු දීමනාව 100,000.00ට වැඩිනම් ගෙවනු ලබන්නේ 75%ක් පමණි.
මීට අමතරව නිවාඩු දින වැටුප් ගෙවීම් දින තුනකට වඩා හිමි සියලු නිලධාරීන්ට එවැනි දින 06ක උපරිමයකට යටත්ව ගෙවීම් කරනු ලබන බව ද දන්වා ඇත.
මේ අනුව පැහැදිළි වන්නේ රජය රාජ්‍ය සේවකයන්ගේ දීමනා කප්පාදුව මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.
