spot_img
spot_imgspot_img

තෙල් මිල වෙනස් වෙන හැටි මෙන්න

පුවත්

විදෙස්

තෙල් සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බවත්, තෙල් අළෙවියෙන් දැනටත් රජය පාඩු ලබන බැවින් ඉදිරියේ දී තෙල් මිල යළි සංශෝධනය කිරීමට සිදුවන බවත් අමාත්‍ය කංචන වි‍ජේසේකර කියයි

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (25) රාත්‍රී දෙරණ 360 වැඩසටහන සමඟ එක්වෙමිනි

අමාත්‍යවරයා පවසන්නේ දැනට තෙල් මිල වැඩි කර තිබෙන ආකාරය අනුනව ද ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 13.38ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 3.28ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 68.79ක්, සුපර් ඩීසල් ලීටරයිකන් රුපියල් 67.46ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 232.33ක් පාඩු ලබන බවයි.

තෙල් මිල අඩුකරලා ජනතාවට සහන දෙමින් කාලයක් යන විට අපේ රට බංකොලොත් වීම වළක්වන්න බැරි වෙනවා. ඒ නිසා මීළඟට ඉන්ධන මිල සංශෝධනය සිදුකරන්නේ මිල සූත්‍රයක් අනුව. එවිට ඉන්ධන මිල වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!