-5.9 C
New York

රාජපක්ෂ පවුල විශේෂ සාකච්ඡාවක

Published:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර ඊයේ (25) රාත්‍රී විශේෂ සාකච්ඡාවක් පැවති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවැත්වූ මේ සාකච්ඡාව මැදියම් රාත්‍රිය ඉක්මවා යනතුරු පැවැති බව ද දැනගන්නට ඇත.

රට පත්ව ඇති අර්බුදයත්, ආණ්ඩුවට එරෙහිව රට පුරා පැන නැගී ඇති ජනතා විරෝධය සහ පාර්ලිමේන්තුවේ බලය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්වයත් හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

එම සාකච්ඡාවල තොරතුරු මෙතෙක් මාධ්‍යවෙත වාර්තා වී නැත.

Related articles

Recent articles

spot_img