spot_img
spot_imgspot_img

“පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අය පැහැදිළි කරන්න” – පාප් වහන්සේ ඉල්ලා සිටිති

පුවත්

විදෙස්

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පැහැදිළි කරන ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (25) ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

එම ප්‍රහාරයට වසර 03ක් සම්පූර්ණ වූ පසු අද ඉතාලියේ ශාන්ත පීතර බැසිලිකාවේ දී පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් පිරිසක් ආමන්ත්‍රණය කරමින් මෙම ආයාචනය කරන ලදී.

ශ්‍රී ලංකාවේ නායකයන් අමතමින් පාප් වහන්සේ මෙසේ කීහ.

“කරුණාවෙන් සහ යුක්තිය වෙනුවෙන්, ඔබේ ජනතාවට ඇති ආදරය වෙනුවෙන් මෙම සිදුවීම්වලට වගකිව යුත්තේ කවුරුන්ද යන්න නිශ්චිතවම පැහැදිළි කරත්වා. මෙය ඔබගේ හෘද සාක්ෂියට සහ ජාතියට සැනසීම ගෙනු එනු ඇත.”

පාස්කු ප්‍රහාරයෙන් 269 දෙනකු මියගොස් 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රමුඛව පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් පිරිසක් පාප් වහන්සේ බැහැ දැකීම සඳහා පසුගිය දා වතිකානුවට ගිය අතර අද ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන් 3,500ක් පමණ ශාන්ත පීතර දේවස්ථානයට පැමිණ ඔවුන් සමඟ පාප් හන්සේ හමුවූශ.

මිගමුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ලේ පැල්ලම් සහිතව උථ්ථාන වූ ජේසුස් වහන්සේගේ ප්‍රතිමාවේ අනුරුවක් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් ප්‍රැන්සිස් පාප් වහන්සේ වෙත පිළිගැන්වීය.

මෙවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි තොරතුරු ඉදිරිපත් කර තිබියදීත් ත්‍රස්තවාදීන්ට පහර දීමට හැකිවූයේ කෙසේ ද යන්න පිළිබඳ පැහැදිලි වාර්තාවක් දීමට බලධාරීනන් අපොහොසත් වූ බවට මැල්කම් රංජිත් අගරදගුරුතුමා දිගින් දිගටම ‍චෝදනා කළහ.

පසුගිය මාර්තු 14 වැනි දා කාදිනල්තුමා කියා සිටියේ ශ්‍රී ලංකා නිලධාරීන් අනතුරු ඇඟවීම නොසළකා හැර ඇති බවට සාක්ෂි තිබෙන බවයි. එමෙන් ම ප්‍රහාරකයන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා රජය උපරිමයෙන් කටයුතු කර ඇති බව ද කීහ. එපමණක් නොව ප්‍රහාරය සිදු කිරීමට බලධාරීන්ට අවශ්‍ය වූයේ යැයි ද කාදිනල්තුමාගේ අදහස වී ඇත.

එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන ප්‍රහාරය ගැන සෙවීමට පංච පුද්ගල කොමිසමක් පත්කළ බවත් එහි අවසන් වාර්තාව 2021 දී වත්මන් ජනාධිපපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කර ඇතත් එහි අනත්ර්ගතය කතෝලික සභාවට හෝ නීතිපතිවරයා වෙත ලබා දී නැතැයි මැල්කම් රංජිත් අගරදගුරුතුමා කියා සිටියහ.

2020 ඔක්තෝබර් මාසයේ දී ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 05 දෙනකු සඳහා සාක්ෂි නොමැති බව පවසමින් ඔවුන් නිදහස් කර ඇති බවත් ප්‍රහාරය සැළසුම් කළ බවට චෝදනා එල්ල වූ 25 දෙනකුගේ නඩු විභාග 2021 නොවැම්බර් මාසයේ දී ආරම්භ වූ නමුත් 2022 ජනවාරි මාසෙය් දී එය කල් තැබූ බව ද මෙහි දී ප්‍රකාශ කෙරිණි.

පාස්කු ප්‍රහාරය සිහිපත් කරමින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පවත්වන ලද දිව්‍ය පූජවෙන් පසු අදහස් දක්වමින් කියා සිටියේ “අද ඔබ එම බිහිසුණු ප්‍රහාරවලින් විපතට පත්වූවන් වෙනුවෙන් දිව්‍ය පූජාවක් ඔප්පු කර ඇත. තුවාල වූවන් වෙනුවෙන් , ඔවුන්ගේ සමහරක් මෙහි පැමිණ සිටින සහ ඔවුන්ගේ පවුල් සඳහා මෙන් ම ශ්‍රී ලංකාවේ සියලුම ජනතාව වෙනුවෙන් අප යාච්ඥා කළා” යනුවෙනි.

“මගේ මුළු හදවතින් ම මම ඔබ සමඟ යාච්ඤාවට එක්වෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!