-5.9 C
New York

“අගමැතිගේ හඬ පටය සංස්කරණය කරලා හදපු එකක්” – වීරසුමන වීරසිංහ කියයි

Published:

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශයක් බව කියමින් “මම ව්‍යායාම කරනවා. තරුණයන් එක්ක දුවන්න උනත් පුළුවන්” කියූ හඬ පටය සංස්කරණය කර සෑදූ එකක් බවත් එය අගමැතිවරයාගේ හෘද සාක්ෂිය නොවන බවත් වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කරන වීඩියෝවක් ඔහුගේ facebook ගිනුමට එක්කර තිබේ.

“මන්ත්‍රීවරුන්ගේ අත්සන් ගන්න හදනවා අගමැතිවරයා ඉන්න ඕන කියලා. අපේ ස්වාධීන වූ අය කවුරුවත් ඒකට අත්සන් කරන්නේ නැහැ. මහින්ද මහත්තයා ගියොත් විතරයි සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙන්නේ. මේකට එකඟ නොවුණොත් මහා නායක හාමුදුරුවරු සංඝාඥාවක් නිකුත් කරාවි. ඒ කියන්නේ පාංශකූලයටවත් නෑ. මෙහෙම වෙන්න ඕනෑ නෑ. මේක කියන්නේ බොහෝම වේදනාවකින්.”  යැයි ද වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගිය දා අගමැති මහින්ද රාජපක්ෂගේ රුව නොමැතිව හඬ පමණක් සියලු මාධ්‍ය ආයතනවලට නිකුත්කර තිබුණේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් බවයි. එය මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට දුන් පිළිතුරක් නොව නිර්මාණයක් බවත් වීරසිංහ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related articles

Recent articles

spot_img