-5.9 C
New York

කොටස් වෙළෙඳ පොළ කඩා වැටේ. ගනුදෙනු අතරමඟ නවතා දමයි

Published:

කොටස් වෙලෙඳ පොල අද (25) ගනුදෙනු ආරම්භ කර සුළු වේලාවකින් නැවත තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන ලදී.

සතියක කාලයක් කොටස් වෙළෙඳ පොළෙහි ගනුදෙනු නවතා තිබූ අතර අද එය යළි ආරම්භ වී අවසන් ගනුදෙනු සිදුවූ දිනට සාපේක්ෂව 12.6%කින් කඩා වැටී ම හේතුවෙන් අත්හිටුවීමට සිදුව තිබේ. එය ආරම්භයේ දී ම S & PSL 20 දර්ශකය 7.27% පහත වැටුණු හේතුවෙන් විනඩි 30කට ගනුදෙනු අත්හිටුවනු ලැබීය.

නැවත යළි ආරම්භ කළ ද අපේක්ෂා කළ පරිසි වර්ධනයක් නොපෙන්වීම හේතුවෙන් අද දිනයේ ගනුදෙනු නවතා දැමීමට කටයුතු කෙරිණි.

අද සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 621.4කින් පහළ වැටී ඇති අතර, සමස්ත කොටස් මිල දර්ශකය සටහන්ව ඇත්තේ 6,892.45ක් ලෙසිනි.

Related articles

Recent articles

spot_img