spot_img
spot_imgspot_img

“තව කල් ඕනෑ” ජනාධිපති, මහ නා හිමිවරුන්ගේ දෙපා නමැද ඉල්ලයි

පුවත්

විදෙස්

දැනට පවතින අර්බුදය විසඳීම සඳහා කාලය ලබා දෙන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහනායක හිමිවරුන්ගේ දෙපා නැම ද ඉල්ලා ඇත.

මේ බව සඳහන් වන්නේ ජනාධිපතිවරයා‍ විසින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් වෙත යොමුකළ පිළිතුරු ලිපියක සමඟ ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද සවස 1.15ට නිකුත් කරන ලද නිවේදනයේය.

රටේ අර්බුදය විසඳීමට වහාම කටයුතු කරන ලෙසත් හදිසි අවශ්‍යතාවක් ලෙස සළකා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සාධනීය කරුණු ද ගෙන ව්‍යවස්ථා සංශෝධනයක් කරන ලෙස ද ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඉල්ලා තිබිණි. එමෙන්ම පසුගිය අප්‍රේල් 20 වැනි දා ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියෙන් දක්වා තිබුණේ අප්‍රේල් 04 වැනි දා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි කරුණු සම්න්ධයෙන් එතෙක් අවධානය යොමුකර නැති බවයි.

නමුත්, අද (25) ජනාධිපතිවරයා විසින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් වෙත යවන ලද ලිපියේ සඳහන් කර ඇත්තේ අප්‍රේල් මස 04 වැනි දා දැනුම් දුන් කරුණු කෙරෙහි අවධානය යොමුකර ඇති බවයි. එමෙන් ම ව්‍යවස්ථා සංශෝධනය සඳහා තමන් ජනාධිපතිධූරයට පත්වූ අවස්ථාවේ පත්කරන ලද ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුව සමඟ අදාල කටයුතු සිදුකරන බව ද ජනාධිපතිවරයා එම කමිටු සාමාජිකයන්ගේ නම් පවා සඳහන් කරමින් සටහන් කර තිබේ.

ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මෙම අර්බුදය විසඳීම සඳහා තවත් කාලයක් ලබා දෙන්න යැයි මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ 20 වැනි දින ජනාධිපතිවරයා ලෙස එවන ලද ලිපියට අනුව කටයුතු නොකරන්නේ නම් සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත්කරන බව දැනුම් දී තිබිය දී ය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!