spot_img
spot_imgspot_img

සර්ව පාක්ෂික ආණ්ඩුවක් එයි. සජබ සහයත් ස්ථිරයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති ආර්ථික සහ දේශපාලන අර්බුදය විසඳා ගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහ 21 වැනි සංශෝධනය සම්මත කරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පූර්ණ සහයෝගය ලබාදෙන බව සමග ජන බලවේග ආරංචිමාර්ග පවසයි.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පක්ෂ නායකයන් ඊයේ (24) රාත්‍රියේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ජනාධිපතිවරයාගේ විධායක බලතල ඉවත්කර අගමැතිවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායකයට වැඩි බලතල ලබා දී ඉදිරි සති දෙක ඇතුළත සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කර තිබේ.

මේ සම්න්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ද එකඟතාව ලැබී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

රටේ ඇති අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ඉල්ලා අස්වන ලෙස බල කරමින් පැවැත්වෙන අඛණ්ඩ උද්ගෝෂණ මේ වනවිට 16 වැනි දිනය දක්වාම දිග්ගැසී තිබේ.

දේශපාලන සහ ආර්ථික විශේෂඥයන් පවසන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් කර ජනාධිපතිවරයාගේ බලය සීමා කර පාර්ලිමේන්තුවට වැඩි බලයක් ලැබෙන ක්‍රියාමාර්ගයකට කඩිනමින් යා යුතු බවයි. එසේ සිදුකිරීමනේ අනතුරුව රටේ ආර්ථිකය සහ අඛණ්ඩ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍යම විෂයයන් මූලික කරගනිමින් සිමිත පිරිසකගෙන් යුතු තාක්ෂණික කැබිනට් මණ්ඩලයක් පත්කළ යුතු බවයි. එමෙන් ම  එය පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවල එකඟතාවයෙන් පත්කරන සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලයක් විය යුතු බවත් ඔවුහු පෙන්වා දෙති.

සමගි ජන බලවේගය මේ සඳහා පූර්ණ සහයෝගය ලබාදිමට තීරණය කර ඇතැයි පැවසෙන අතර ආණ්ඩවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමත්, තවමත් ආණ්ඩුව සමඟ සිටින මැති ඇමතිවරු පිරිසක් සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ ද ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.

එලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්කර මාස 06ක හෝ වසර ක ස්ථිර වැඩසටහනක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් දේශපාලන පක්ෂ බොහොමයක් දැනටමත් සිය කැමැත්ත ප්‍රකාශ කර තිබෙනව බව ද විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!