-5.9 C
New York

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

Published:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටු වාර්තාව මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලැබී ඇතැයි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

එම කාර්යය වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කළ කමිටුවේ සභාපතිවරයාට සහ සාමාජිකයන්ට ජනාධිපතිවරයා ප්‍රශංසා කර ඇතැයි ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

ඉදිරියේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග පිළිබඳ තීරනය කිරීමේ අරමුණෙන් රජය විසින් එම වාර්තාවේ අන්තර්ගත සළකා බලන බව ද ජනාධිපති ලේකම්රයා නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත.

මෙම කමිටු වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ දැනට ඇතිවී තිබෛන ආර්ථික සහ දේශපාලනික අර්බුදයෙන් මිදීම සඳහා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සඳහා නොවේ. එම කමිටුව පත්කරන ලද්දේ 20 වැනි සංශෝධනයෙන් පසු පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමේ අරමුණෙනි.

Related articles

Recent articles

spot_img