spot_img
spot_imgspot_img

පොලිසිය, ජනතාවට මාරාන්තික උගුල් අටවලා. මිනී මැරීමට සූදානම් ?

පුවත්

විදෙස්

නීතිය හා සාමය ආරක්ෂා කිරිමේ අරමුණෙන් 19 වැනි සියවසේ දී ස්ථාපිත කරන ලද පොලිස් දෙපාර්තමේන්තුව අද (24) කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක් අවහිර කරමින් ජනතාවට මාරාන්තික උගුල් අටවා තිබේ.

ඊයේ (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින්, අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය විසින් සංවිධානය කර ඇති පා ගමනක් හේතුවෙන් ජනතාවගේ සාමාන්‍ය ජනජීවිතයට සහ නිදහසේ ගමන් බිමන් යාමේ අයිතියට අවහිර විය හැකි බව පැවසූ පොලිසියට මාර්ග කිහිපයකට එම පා ගමන පැමිණීම වැළැක්වීමේ අධිකරණය නියෝගයක් ලබාගත්තේය.

නමුත් අද (24) උදෑසන දක්නට ලැබුණේ එම මාර්ගවල කිසිවෙකුට යා නොහැකි ආකාරයෙන් පොලිසිය විසින් ගැල්වනයිස් බට සහ පොලිස් මාර්ග බාධක යොද සාමාන්‍ය ජනජීවිතයට දැඩි බලපෑමක් වන ආකාරයෙන් කටයුතු කර තිබෙන අයුරිය.

එලෙස යොදා ඇති මාර්ග බාධක කිහිපයක් ඉදිරියෙන් පොලිසිය විසින් ම ඉටිරෙදි රඳවා තිබූ බැවින් අපගේ මාධ්‍යවේදීන් කිහිප දෙනකු ඉටිරෙදි යොදා ආවරණය කර ඇති මාර්ග බාධක සියුම්ව නිරීක්ෂණය කර ඇත එහි දී පෙනී ගොස් ඇත්තේ එම ඉටිරෙද්දට පිටුපසින් මාර්ග බාධකවල උල් සහිත යකඩ කූරු රාශියක් සවිකර එය ඉටිරෙදිවලින් ආවරණය කර ඇති බවයි.

මෙය මාරාන්තික උගුලකි.

මාරාන්තික උගුල්

පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ශ්‍රී ලාංකීය ජනතාවට මාරාන්තික තුවාල සිදුවිය හැකි උගුලක් ඇටවීමකි. නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පිහිටවූ පොලිස් දෙපාර්තමේන්තුව මෙලෙස කටයුතු කිරීම කිසිදු පුරවැසියකු අනුමත කරන්නේ නැත.

පොලිසියේ අරමුණ වන්නේ අද (24) පැවැත්වෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ලයේ පා ගමන නැවැත්වීම නම් ඒ සඳහා ඕනෑ තරම් නීති ප්‍රතිපාදන පොලිස් ආඥා පනතේ දැක්වෙයි. ඒ අනුව ක්‍රියාත්මක වීමට පොලිස් දෙපාර්තමේන්තුවට හැකියාව ඇති අර එවැනි කෝලාහල අවස්ථාවක දී කටයුතු කරන ආකාරය පිළිබඳ පොලිස් නිලධාරීන්ට ලබා දී ඇති පොලිස් අත්පොතේ ද පැහැදිලිව දක්වා ඇත.

මේ සම්බන්ධයෙන් අපගේ rata.lk  වෙබ් අඩවියේ පළකරන ලද සවිස්තරාත්මක ලිපියක් මෙතැනින්.

එසේ නීති ප්‍රකාරව කටයුතු කිරීමෙන් වැළකී, වන සතුන්ට උගුල් අටවන ආකාරයේ ක්‍රියාවක පොලිසිය නිරතව සිටින්නේ කවර නම් අණ දීමක් හේතුවෙන් ද යන්න විමර්ශනය කළ යුතුය.

වන සතකුට උගුල් ඇටවීම ද දඬුවම් ලැබිය යුතු වරදක්ව ඇති රටක පොලිසිය සාමාන්‍ය ජනතාවට මෙවැනි මාරාන්තික උගුල් ඇටවීම මාධ්‍ය ආයතනවල අපිට කිසිසේත්ම අනුමත කළ හැකි දෙයක් නොවේ.

පොලිසිය අටවා ඇති මාර්ග බාධක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!