“අපි මාර්ග අවහිර කරනවා, ඒ නිසා අපිට ඇතැම් පාරවල්වල යන්න දෙන්න එපා කියලා අධිකරණ නියෝග ඉල්ලපු පොලීසිය වැටවල් ගහලා අහිංසක මිනිසුන්ට පාරවල්වල යන්න බැර තත්වයට පත්කරලා. අපි අද එනවා. දෙකෙන් එකයි බේරගන්න තියෙන්නේ. ආණ්ඩුව ගෙදර යන්න ඕනෑ.” යැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කීවේය.
මේ වනවිට කොටුව දුම්රිය පොපළ ඉදිිරිපිටින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන් ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා දහස් ගණනක් රැස්ව සිටින බව පෙනෙන්නට තිබේ.
ඒ අතර කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අධිකරණ නියෝගයක් වන්ත මුදලිගේට භාර දුන් අතර එහි දැක්වෙන්නේ නම් කරන ලද මාර්ග කිහිපයක මෙම පා ගමන ගමන් නොකළ යුතු බවයි.
ඒ අධිකරණ නියෝගය පොලිසිය විසින් ලබාගෙන ඇත්තේ මෙම මාර්ගවල පා ගමන යාමේ දී සාමාන්‍ය ජනජීවීතියට බාධා වන ආකාරයෙන් මාර්ග අවහිර වන බවත් රාජ්‍ය දේපළවලට කඩා වැදී අලාභහානි සිදුකළ හැකි බවත් ප්‍රකාශ කරමිනි කෙසේ වෙතත් අද අළුයම වනවිට පොලිසිය එම මාර්ගවල ස්ථිර මාර්ග බාධක සවිකර සාමාන්‍ය ජනතාවට රථ වාහනවලින් එහා මෙහා යා නොහැකි ආකාරයට අවහිර කර තිබිණි.