spot_img
spot_imgspot_img

මීළඟ අගමැති කවුද ?

පුවත්

විදෙස්

සර්ව පාක්ෂික රජයක අගමැතිධූරය සඳහා මේ වනවිට සීතල යුද්ධයක් නිර්මාණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ අගමැතිධූරයෙන් ඉවත් නොවීමට ස්ථිර තීරණයක් ගෙන ඇති බැවින් පවතින ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයකට අත්සන් තැබීමට දැනට ආණ්ඩුපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් සහ ස්වාධීන වූ මන්ත්‍රීවරු කණ්ඩායමත් තීරණය කර තිබේ.

විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අගමැතිවරයා ලෙස පත්කිරීමට විවිධ නම් යෝජනා වෙමින් තිබේ.

මේ අතර ඉහළින්ම කියැවෙන නමක් වී ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහය. නමුත් රනිල් වික්‍රමසිංහ නි‍යෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකුට ඉන්නේ ඔහු පමණි. එමෙන් ම 20 වැනි සංශෝධනය අහෝසිකරන තුරු සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙන් ප්‍රයෝජනයක් නැතැයි හිටපු අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

විපක්ෂයේ වැඩිම මන්ත්‍රීන් කණ්ඩායමක් නියෝජනය කරන සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද සර්ව පාක්ෂික ආණ්ඩුවක අගමැතිධූරය ප්‍රතික්ෂේප කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නම ද මේ අතර ඉහළින්ම කියැවෙන අතර, නිමල් සිරිපාල ද සිල්වා සුදුසුයැයි පවසන පිරිසක් ද සිටියි. මීට අමතරව දැනට සභානායකවරයා ලෙස කටයුතු කරන වත්මන් පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයකු වූ දිනේෂ් ගුණවර්ධනගේ නම ද අගමැති ධූරය සඳහා යෝජනා වී ඇත.

ඩලස් අලහප්පෙරුම හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයා ද, අධ්‍යාපන අමාත්‍ය හා වැවිලි අමාත්‍යවරයා වන රමෙෂ් පතිරණගේ නම ද මේ අතර යෝජනා වී ඇති අතර රමේෂ් පතිරණ තවමත් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ද ඩලස් අලහප්පෙරුම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු යැයි ජනාධිපතිවරයාට ලිපියක් ද යවා තිබේ.

මේ අතර අගමැතිධූරයට යෝජනා වූ අලුත්ම නම බවට පත්ව ඇත්තේ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ නමයි.

එකිනෙක මන්ත්‍රීවරුන් සහ එක් එක් මන්ත්‍රී කණ්ඩායම් අතර අගමැතිධූරයට පොරයක් නිර්මාණය වුවහොත් විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමට නොහැකි වනු ඇතැයි ද සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා බල අරගලයක් නිර්මාණය වනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!