spot_img
spot_imgspot_img

IMF ගිහින් සිදුවූ දේ ගැන ඇත්ත දැනගන්න

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ නියෝජිතයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව “ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහාය වනු ඇත.” යනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කර තිබේ.

එම මාධ්‍ය නිවේදනය https://www.imf.org/ වෙබ් අඩවියේ මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහය ලබා දීමට එකඟ වී ඇතත් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති විදේශ මුදල් හිඟයෙන් අත්මිදීම සඳහා හදිසි මුදල් ආධාර හෝ ණය ලබාදීම සම්බන්ධයෙන් එකඟතාවක් ප්‍රකාශ කර ඇති බවක් එම නිවේදනයේ සඳහන් වන්නේ නැත.

එම නිවේදනයේ දැක්වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඇතුළු කළමනාකාරීත්වයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය අලි සබ්රි සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගත හැකි වැඩසහන් පිළිබඳ එහි දී සාකච්ඡාවක් පැවැති බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකාව සඳහා වූ ප්‍රධානි මසහිරෝ නොසාකි විසින් එම නිවේදනය නිකුත් කර තිබේ.

නිවේදනයේ මෙසේ දැක්වෙයි.

“අප්‍රේල් මස 18-22 කාලයේ දී ශ්‍රී ලංකා නියෝජිත පිරිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය සහිත වැඩසහනක් සඳහා සාකච්ඡා පැවැත්වූවා. ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික හා මූල්‍ය ප්‍රවණතා, සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්වයට පත්කිරීම සඳහා විශ්වසනීය හා සුදුසු උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සහ වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් කෙරෙහි ඇතිවන අහිතකර බලපෑම අවම කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක වැදගත්කම පිළිබඳ සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකා බලධාරින්ගේ සැලැස්ම අනුව ඔවුන්ගේ ණය හිමියන් සමඟ සහයෝගී සංවාදයක නිරතවීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ විය.

ඉදිරියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමෙන් සහ අනෙකුත් සියලු පාර්ශවකරුවන් සමඟ සම්බන්ධ වීමෙන් වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයට සහය වනු ඇත.”

IMF නිකුත් කර ඇති මාධ්‍ය වාර්තාව මෙතැනින්

https://www.imf.org/en/News/Articles/2022/04/23/pr22129-IMF-Team-Statement-on-Sri-Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!