-5.9 C
New York

IMF සල්ලි ලැබෙන්නේ මාසය හයකින්. එතෙක් වෙනත් ක්‍රමයකින් සල්ලි හොයන්න ඕනෑ

Published:

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට මුදල් ලැබෙන්න තව මාසය හයක්වත් යනවා. ඒ ලැබෙන්නෙත් වාරික වශයෙන්. ඒ නිසා එතෙක් අපිට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා වෙනත් මාර්ගවලින් අරමුදල් සොයා ගැනීමට සිදුව තිබෙනවා” යැයි විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් විදෙස් මාධ්‍යවලට පවසා තිබේ.

අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඉන්දියාවෙන් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමටත්, ඉන්ධන ලබාගැනීම සඳහා තවත් ඩොලර් මිලියන 500ක් ලබාදීමට ඉන්දියාව එකඟතාව පළකර ඇති බවයි. එමෙන් ම බංග්ලාදේශයෙන් මේ වනවිට ලබා දී ඇති ඩොලර් මිලියන 450ක මුදල ආපසු ලබාගැනීම කල් දැමීමට ද බංග්ලාදේශය සමඟ සාකච්ඡා කරන බවත් ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් ලැබී ඇති බවත් අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි.

Related articles

Recent articles

spot_img