-0.1 C
New York

මහින්දගේ අගමැතිධූරය අහිමි වෙයි ? සරල බහුතරය නෑ

Published:

මහින්ද රාජපක්ෂ තවදුරටත් අගමැති ධූරයේ රැඳී සිටිනවාට විරුද්ධ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 115ක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මම්පිළ පවසයි.

එබැවින් එම මතය දරන මන්ත්‍රීවරු 115 දෙනා විසින් මහින්දගේ අගමැති ධූරයට විරුද්ධ බව පෙන්වීමට ප්‍රමාණවත් අත්සන් සහිතව දිවුරුම් ප්‍රකාශ කතානායකවරයාට භාරදීමට දැනටම් කටයුතු සූදානම් කරමින් සිටින බව ඔහු සඳහන් කරයි.

පාර්ලමේන්තුවේ බහුතරය මේ අනුව මහින්ද රාජපක්ෂට නොමැති අතර ඔහු සමඟ සිටින පිරිස සුළුතරයක් බවට පත්ව ඇත.

අගමැතිවරයා වන්නේ පාර්ලමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකගේ විශ්වාසය දිනාගන්නා මන්ත්‍රීවරයාය. උදය ගම්මම්පිළ ඇතුළු මන්ත්‍රීවරු 41ක් ස්වාධීනව කටයුතු කළ ද පාර්ලිමේන්තුවේ කිසිම පක්ෂයකට 113ට වඩා වැඩි බලයක් නැත.

ඒ අනුව සුුතරයක් වුව ද වැඩිම පිරිසකගේ විශ්වාසය දැනට දිනාගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ විසිනි.

කෙසේ වෙතත් මෙවැනි තත්වයක් යටතේ ඉදිරියේ දී විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරු කටයුතු කරන ආකාරය අනුව ආණ්ඩුවේ අනාගතය තීරණය වනු ඇත.

Related articles

Recent articles

spot_img