-0.1 C
New York

රට වනසා විදේශයන්හි ආයෝජනය කළ මුදල් සොයා විශේෂ මෙහෙයුමක්. විදෙස්ගත වෘත්තිකයෝ පෙරමුණ ගනී

Published:

ශ්‍රී ලංකාව වර්තමානයේ පත්ව ඇති ආර්ථික හා දේශපාලනික අර්බුදයට ඇද දැමූ පිිරිස්වලට එරෙහිව ජාත්‍යණ්තරයේ දී ඒ ඒ රටවල නීතිය අනුව සහ ජාත්‍යන්තර නීතිය අනුව වගවීමට ලක්කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

එය සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික අධීක්ෂණය සහ වැළැක්වීමේ ගෝලීය මධ්‍යස්ථානය විසිනි. ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි අධ්‍යාපනය ලැබූ වෘත්තීය වේදීන් පිරිසක් එක්ව මෙම සංවිධානය පිහිටුවා ඇත.

එහි විධායක අධයක්ෂිකා සුභාෂිණී විෆ්ලර් විසින් සිය අත්සනින් යුතුව මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව අද පත්ව ඇති අවාසනාවන්ත තත්වයට පත්කිරීමට වගකිව යුතු බොහෝ දෙනකු දේශපාලන හා මූල්‍ය අපරාධවලට අමතරව මානව හිමිකම් කඩකිරීම් ද විශාල වශයෙන් සිදුකර ඇති බවයි. ඒ පිළිබද තම සංවිධානයේ අවධානය යොමුව ඇති බව ද ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ සියලු කටයුතු සඳහා සංවිධානය මැදිහත් වන බව ද එම නිවේදනයේ දැක්වේ.

දරුණු සමූහ ඝාතන, මිනී මැරීම්, අතුරුදන් කිරීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ දේශපලනඥයන්, නිලධාරීන්, ආගමික නායකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික අධීක්ෂණය සහ වැළැක්වීමේ ගෝලීය මධයස්ථානය අවධානය යොමුකර ඇත.

එම අපරාධවලට වගකිව යුතු සැකකරුවන් හා දේශපාලන බලපෑම් මත අනීතිකව නිදොස්කොට නිදහස් වූ පිරිස් සහ බරපතල අපරාධ සිදුකර ජනාධිපති සමාව ලැබූ පුද්ගලයන් ද විදේශයන් හි මුදල් ආයෝජනය කර ඇති බැවින් ඔවුන් වංචා කළ දේපළ අවහිර කිරීමට අපේක්ෂා කරන බව ද එම සංවිධානය පවසයි.

මේ සඳහා ඒ ඒ රාජ්‍යයන්, යුරෝපා සංගමය, අප්‍රිකානු සංගමය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඕස්ට්‍රේලියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා වෙනත් ජාත්‍යන්තර සංවිධාන රැසක් සමඟ එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

මේ මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික අධීක්ෂණ සහ වැළැක්වීමේ ගෝලීය මධ්‍යස්ථානය ශ්‍රී ලාංකීය ජනතාවගේ සහය ඉල්ලා සිටියි.

‍එවැනි අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ දන්නා තොරතුරු විද්‍යුත් තැපෑල මගින් ලබාදෙන ලෙස ඉල්ලා සිටින අතර එම තොරතුරුවල සත්‍යතාව නීතිඥයන් මගින් සොයාබැලීමෙන් අනතුරුව අදාල ක්‍රියාමාර්ග ගන්නා බව ද දන්වා ඇත. මෙම සංවිධානය ජර්මනියේ සිට ක්‍රියාත්මක වෙයි.

විද්‍යුත් තැපැල් ලිපිනය – [email protected]

වෙබ් අඩවිය – justiceforsl.org

Related articles

Recent articles

spot_img