-0.1 C
New York

සෞඛ්‍ය අමාත්‍යාංශය GMOA එකට තනතුරු දෙයි, වෛද්‍ය ආධාර ලබාගැනීමේ බලය දීලා

Published:

ශ්‍රී ලංකාවට වෛද්‍ය ආධාර ලබාගැනීමේ කමිටුවේ සම්බන්ධීකාරකවරයා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පත්කිරීමට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා කටයුතු කර තිබේ.

එම අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.එස්.කේ.රත්නායක විසින් මේ සම්බන්ධ ලිපියක් වෛද්‍ය කොළඹගේ වෙත අප්‍රේල් 20 වැනි දා නිකුත් කර තිබේ.

මෙවැනි තනතුරක් සඳහා වෘත්තිය සමිතියක ප්‍රධාන නිලයක් හොඹවන තැනැත්තෙකු පත්කිරීම නීති විරෝධී බවත් එය සදාචාරාත්මක නොවන බවත් සෞඛ්‍ය සේවකයෝ පෙන්වා දෙති.

නව අමාත්‍යාංශ පත්කිරීමේ දී සෞඛ්‍ය ඇමතිවරයකු සහ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයකු පත්කර ඇතත් මෙම පත්කිරීම සිදුකළ ලේකම්වරයා අයත්වන ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සඳහා ඇමතිවරයකු පත්කර නැත.

ඒ අනුව මෙම පත්කිරීම කොතරම් දුරට නීත්‍යානුකූළ ද යන්න ගැටලුවකි.

Related articles

Recent articles

spot_img