-5.9 C
New York

පාසල් සිසුවෙක්, රඹුක්කන පොලිසියට එරෙහිව නීති මඟට පිවිසෙයි

Published:

රඹුක්කන ජනතා විරෝධය විසුරුවාහැරීමට කටයුතු කළ ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පින්නවල ජාතික පාසලේ උසස් පෙළ සිසුවකු වූ පතිරණ මුදියන්සේලාගේ කවීෂ නවීන් ගුණතිලක (18) ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැරීමට කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් වාසනා නවරත්න නියෝග කළයා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබූ පාසල් සිසුවාගේ පියා ද පොලිස් නිලධාරියෙකි. පොලිසිය විසින් එම සිසුවාට අමානුෂික ලෙස පහර දෙමින් ජීප් රථයකට නංවා ගන්නා අයුරු කිසියම් පුද්ගලයකු විසින් වීඩියෝ කර සමාජ මාධ්‍යවෙත මුදාහැර තිබිණි.

පොලිසිය එම සිසුවාට චෝදනා එල්ල කර තිබුණේ පොදු දේපළ හානි කළ බව කියමිනි.

කෙසේ වුව ද එම සිසුවා විසින් ද CIB 2/207 යනුවෙන් සඳහන් පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් කර තිබිණි. එහි දැක්වෙන්නේ පොලිිසය තමන්ට අමානුෂික ලෙස පහර දී තුවාල සිදුකළ බවයි. ඒ අනුව නීතිඥවරුන්ගේ මාර්ගයෙන් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 136 (අ) වගන්තිය අනුව පුද්ගලික පැමිණිල්ලක් ගොනුකිරීමට ද කටයුතු කර ඇත.

එහි වගඋත්තර කරුවන් ලෙස රඹුක්කන පොලිසියේ ස්ථානාධිපති කිංස්ලි හේරත්, රඹුක්කන කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න, කෑගල්ල ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරී එන්.පී.කීරතිරත්න නම්කර තිබේ.

මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා භාරගන්නේ ද යන්න පිළිබද ලබන අප්‍රේල් 27 වැනි දා දැනුම් දෙන බව ද මහේස්ත්‍රාත් වාසනා නවරත්න ප්‍රකාශ කළාය.

Related articles

Recent articles

spot_img