“රෝහල්වල ඉඩ මදි වුවහොත් වෙනත් විකල්ප” – වසංගත විද්‍යා ප්‍රධානී කියයි

0
138

ශ්‍රී ලංකාවේ රෝහල්වල ධාරිතාව ඉක්මවා ගියහොත් කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් වෙනත් විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව වසංගත රෝග විද්‍යාඅංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (26) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.

ඔහු පවසන්නේ මේ වනවිට ශ්‍රි ලංකාවේ රෝහල්වල රෝගීන් ඇතුළත් කළ හැකි ධාරිතාවෙන් ඉතිරිව ඇත්තේ සියයට 10කට අඩු ප්‍රමාණයක් බවයි. දැනටමත් සියයට 90ග7ක් රෝහල් රෝගීන්ගෙන් පිරී ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

මේ අනුව රෝහල්වල තවමත් ඉඩ ඉතිරිව ඇති බැවින් හමුවන සියළුම රෝගීන් රෝහල්වෙත රැගෙන යන බවත් යම් අයකු ආසාදිත බව දැනගත් විට ප්‍රමාදවන්නේ වාහනයක් නිවසට යවන කාලය පමණක් බවත් වෛද්‍ය සමරවීර මහතා කීවේය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

”දැනට රෝහල්වල ඉඩ තිබුණත් ඉදිරියේ දී කොරෝනා ආසාදිතයන් තවදුරටත් වැඩි වුවහොත් රෝහල් ධාරිතාව ඉක්මවා යාවි. රෝහල්වල අනිකුත් සත්කාර සේවා පවත්වාගෙන යාමත් අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් අති බහුතර පිරිසකට රෝග ලක්ෂණ පවා දකින්නට නැහැ. ඒ නිසා රෝහල් ධාරිතාව ඉක්මවා ගියොත් අපි වෙනත් විකල්ප ක්‍රියාමාර්ගග ගැනීමට කටයුතු කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here