spot_img
spot_imgspot_img

ආණ්ඩුව පෙරැළෙන ලකුණු. බල පෙරළියක පෙරනිමිති

පුවත්

විදෙස්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ආර්ථක සහ දේශපාලන අර්බුදයට විසඳුම් සෙවිය යුතුයැයි මන්ත්‍රීවරු කරන ලද යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ආණ්ඩු බල පෙරළියකට මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳන් කරයි.

ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරු 41 දෙනා ද පසුගිය කැබිනට් සංශෝධනයේ දී ඇමතිකම් නොලැබුණු එහෙත් තවමත් ආණ්ඩු පක්ෂය සමඟ සිටින මන්ත්‍රීවරු පිරිසක් ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බව ද දැනගන්නට ඇත.

විපක්ෂය විසින් ඉදිරි දිනක ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාවට සහය ලබා දී එය වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කරවා කාටත් පිළිගත හැකි මන්ත්‍රීවරයකුට අගැමතිධූරය භාර දී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා සැළසුම් සහගතව පාලනය ඉදිරියට ගෙන යාම පිළිිබඳ ඔවුන් අතර සාකච්ඡා වට කිහිපයක් ම සිදුව ඇතැයි වාර්තා වේ.

ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට අමතරව ඩලස් අලහප්පෙරුම හිටපු ජනමාධ්‍ය ඇමතිවරයා ඇතුළු හිටපු ඇමතිවරු ගණනාවක් ම අන්තර්වාර පාලනයක් ඇතිකිරීම වඩාත් සුදුසු යෝජනාවක් බව ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් දැනුම් දී ඇත.

එසේ වුව ද අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ අන්තර්වාර පාලනයක් ඇති කළ ද අගමැතිවරයා තමා බවයි.

යළි පාර්ලිමේන්තුව මැයි මස 04 වැනි දා රැස්වීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වූ සාකච්ඡා පිළිබඳ විවාදය එදිනට යොදාගෙන තිබේ. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කියා තිබුණේ මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන ලද කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරනු ලබන ප්‍රකාශයන්ගෙන් පසු ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ඉදිරිපත් කිරීම වඩාත් සුදුසු බවයි.

ඒ අනුව ලබන 04 වැනි දා හෝ ඊට පසු විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාර දෙනු ඇතැයි විශ්වාසයක් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!