spot_img
spot_imgspot_img

රඹුක්කන දී පොලිසිය මිනී මැරුවා ද ? තීරණය ලබන 27 වැනි දා

පුවත්

විදෙස්

රඹුක්කන පැවැති ජනතාා උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා පොලිසිය වෙඩි තැබීමෙන් සිදුවූයේ මිනී මැරුමක් ද නැතිනනම් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් ද සම්බන්ධයෙන් තීරණය කිරීම ලබන අප්‍රේල් 27 වැනි දා දක්වා කල් තැබීමට කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න තීරණය කළාය.

වෙඩි තැබීමෙන් සිදුවූ මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් කර තිබේ.

ඊයේ (22) මරණ පරීක්ෂණය කෑගල්ල මහේස්ත්‍රාත් විසින් පවත්වන අවස්ථාවේ දී ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට මරණ පරීක්ෂණයක දී ‍නීතිපතිවරයා පොලිසිය වෙනුවෙන් පෙනී සිටීම ද විශේෂත්වයකි. නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ෂනිල් කුලරත්න පෙනී සිටියේය.

එහි දී නීතිඥයන් නීතිපතිවරයාගේ පෙනී සිටීමට දැඩි විරෝධය දක්වමින් කියා සිටියේ මරණ පරීක්ෂණයක දී නීතිපතිවරයා පෙනී සිටීම අවශ්‍ය නොවන බවයි. යම් ආකාරයකින් මෙම මරණය සම්බන්ධයෙන් පොලිසිය වරදකරු වුවහොත් පොලිසියට අධි චෝදනා ගොනුකර යුතු වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව බැවින් මෙම පෙනීසිටීම වරදක් බව ද ඔවුහු පෙන්වා දුන්හ.

මෙම අවස්ථාවේ දී අගතියට පත් පාර්ශවය වෙනුවේන නීතිඥ ශ්‍රී ලාල් දයානන්ද, ජනාධිපති නීතිඥවරුන් වන උපුල් ජයසූරිය, රියෙන්සි අර්සකුලරත්න, සරත් ජයමාන්න, මෛත්‍රී ගුණරත්න, ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වෙන චමින්ද අතුකෝරළ සහ තේජිත කෝරළගේ ඇතුළු නීතිඥයන් සියයකට වැඩි සංඛ්‍යාවක් පෙනී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!