spot_img
spot_imgspot_img

සහන රැසක් සමඟ කොටස් වෙළෙඳ පොළ ඉහළ යනු ඇතැයි බලාපොරොත්තුවක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ සමඟ ආයෝජකයන් පැවැති සාකච්ඡාව අවසානයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජකයන්ට සහන රැසක් ලබාදීමමට තීරණය කර තිබේ.

කොරෝනා අර්බුදය හමුවේ මාසයකට අධික කාලයක් කොළඹ කොටස් වෙළෙඳ පො‍ළ වසා දමා තිබූ අතර ඉන් අනතුරුව රටේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදය හමුවේ ප්‍රථම වරට සතියක කාල සීමාවක් කොළඹ කොටස් වෙළෙද පොළ වසා දමා තිබිණි.

තැරැව්කාර සමාගම් විසින් සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන මගින්, කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජකයන් සතු කොටස් සුරැකුම් ලෙස තබාගෙන ලබාදුන් ණය මුදල් පියවා ගැනීමට ආයෝජකයන්ගේ කොටස් ඉතා අඩු මිල ගණන් යටතේ විකිණීම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ දර්ශකයන් දිගින් දිගටම පහත වැටීමට ලක්විය.

මූල්‍ය හා දේශපාලනික අර්බුදයක් හමුවේ කොළඹ කොටස් වෙළෙඳ පොළ සතියක කාලසීමාවකට වසා දැමූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර දිගින් දිගටම අයෝජකයන් විසින්, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි සුරැකුම්පත් විනිමය කොමිෂන් සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ වටලා උද්ඝෝෂණය කිරීමට උත්සාහ දැරූ අතර ආයෝජකයන්, තැරැව්කාර සමාගම් සහ අදාල බලධාරීන් පැවැත්වූ සාකච්ඡා අවසානයේ මෙතෙක් 50%ක් ලෙස පැවති ණය සීමාව තැරැව්කාර සමාගම් සම්බන්ධව 83% දක්වා ද මූල්‍ය සමාගම් සඳහා 80% දක්වා ද ඉහළ නැංවීමටත් කටයුතු කර තිබේ. මෙය 2022-05-31 දක්වා බලපැ‍වැත්වෙන බව ද නිවේදනය කර ඇත.

මේ අනුව දිගින් දිගටම කොළඹ කොටස් වෙළෙඳ පොළ දර්ශකයන් ලබාගත් ණය මුදල් හිලව් කිරීම හේතුවෙන් පහළ වැටීම නතරවිය හැකි බවට විශ්වාසය පළකර සිටියි.

කෙසේ වුවත් රටතුළ පවතින දේශපාලනික සහ ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් කෙටි කාලසීමාවක් සඳහා කොටස් වෙළෙඳ පොළ දර්ශකයන් ලබන සඳුදා කොටස් වෙළෙඳ පොළ යළි විවෘත කිරීමෙන් පසු පහළ යා හැකි වුව ද රටේ පවතින අධික උද්දමනය සහ ඇමෙරිකන් ඩොලරය අසීමිත ලෙස ඉහළ යාම හේතුවෙන් භාණ්ඩ හා සේවා අපනයන සමාගම්වල කොටස් කෙරෙහි දැඩි ඉල්ලුමක් ඇතිවිය හැකි බව ද ආයෝජකයෝ බලාපොරොත්තු තබති.

(නීතඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!