spot_img
spot_imgspot_img

රාජපක්ෂවරුන්ගේ වත්කම් හොයන්න යැයි ඇමෙරිකාවේ FBI ආයතනයට පැමිණිල්ලක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ කළු තොප්පි සමාජ ව්‍යාපාරය (Black Cap Movement) ඇමරිකාවේ FBI ආයතනයට (Federal Bureau of Investigation) පැමිණිල්ලක් ගොනු කරමින් රාජපක්ෂවරු සතුව ඇමෙරිකාවේ ඇති දේපළ පිළිබඳ සොයා බලන ලෙස ඉල්ලා තිබේ.

එහි දී ඔවුන් පවසන්නේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දෙදෙනා 2005 වර්ෂයේ දී මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වීමට පෙර ඇමෙරිකාවේ ජීවත්වෙමින් සාමාන්‍ය රැකියාවක නිරතව සිටි බැවින් ඔවුන් සතු දේපළ උපයාගත් ආකාරය පිළිබඳ බරපතල සැකයක් පවතින බවයි.

එමෙන් ම ඔවුන් බැසිල් රාජපක්ෂගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ සහ ‍ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ අයෝමා රාජපක්ෂ විසින් මෑතක දී සිදුකරන ලද මිල දී ගැනීම් යැයි සඳහන් කරමින් ඔවුන් ඒ පිළිබඳ ලේඛනයක් ද FBI ආයතනය වෙත ඉදිරිපත් කර තිබේ.

එමෙන් ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිධූරයට පත් වූ 2005 වසරට පෙර, ශ්‍රී ලංකාවේ එවකට පැවති නීතිය යටතේ, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ශ්‍රී ලංකා රජයේ විධායක නිලධාරීන්ට ඔවුන්ගේ වත්කම් වාර්ෂිකව හෙළි කිරීමට සිදු විය. කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 2007 දී එම නීතිය සංශෝධන කර, ද්විත්ව පුරවැසියන්ට වෙනත් රටවල ඔවුන් සතුව ඇති වත්කම් හෙළි කිරීමේ අවශ්‍යතාවයක් නොමැති තත්වයක් ඇතිකිරීම ද බරපතල ගැටලුවක් බව කළු තොප්පි සමාජ ව්‍යාපාරය FBI වෙත කරන ලද පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

එබැවින් මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකාවේ කළු තොප්පි සමාජ ව්‍යාපාරය ඇමෙරිකාවේ FBI ආයතනයෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!