spot_img
spot_imgspot_img

ජාත්‍යන්තර අරමුදලේ සහායෙන් පමණක් ගොඩ එන්න බෑ. අවුරුදු 10-15ක් මේ ප්‍රශ්නය තියෙනවා

පුවත්

විදෙස්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහායෙන් පමණක් රටට ගොඩඒමට නොහැකි බවත්, මෙම අර්බුදය තවත් වසර 10-15ක් පමණ පවතිනු ඇති බවත් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසයි.

“අයිඑම්එෆ් එකෙන් අපිට ගොඩ එන්න බෑ. එතැනින් ලැබෙන්නේ බිලියන 04ක් වගේ පොඩි කෝටා එකක්. අපේ ණය ගණන ඊට වඩා වැඩියි. එකම දේ අයිඑම්එෆ් නොගිහින් අපිට කිසිම සරණක් නෑ. එතැනට ගියාම, යුනිසෙෆ් එකෙන්, ලෝක බැංකුවෙන් වගේ උදව් ලැබෙනවා. අයිඑම්එෆ් එකෙන් අපිට බිලියන 4යි ලැබෙන්නේ. නමුත් ණය ප්‍රමාණය බිලියන 52ක්. අපිට දැන් විකුණනන් තවත් කිසිම දෙයක් ඉතිරිවෙලා නෑ. ඒ නිසා පටි තද කරගන්න වෙනවා. බෙහෙත් පමණක් ගෙන්වමින් අනිත් කිසිම දෙයක් ගෙන්වන්නේ නැතිව ඉන්න වෙනවා.”

හිටපු විගණකාධිපතිවරයා පවසන්නේ දේශපාලකයන් වැඩක් කළ හැකි අයකුට මෙය භාර දිය යුතු බවයි. අවුරුදු 40ක් පමණ ගෙවීමට ඇති ණය මේ වනවිට කාලා ඉවර බවත් ඒ ලබාගත් ණයෙන් 10%ක් හෝ වත්කම් උත්පාදනයට යොදවා නැති බවත් හෙතෙම පෙන්වා දෙයි. එම ණය කොමිස් ගහලා, නාස්ති කරලා, කන්න අරගෙන මේ ණය සියල්ල අවසන් කර  ඇති බවත් දැන් බිලියනයකවත් වත්කම් නැති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!