spot_img

ස්පාඤ්ඤය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

පුවත්

විදෙස්

කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා ස්පාඤ්ඤයේ හදිසි නීතිය හා ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කර තිබේ. ‍

රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් එරට අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චේස් ප්‍රකාශ කර සිටියේ ස්පාඤ්ඤය මුහුණ දී සිටින ත්තත්වය ඉතාමත් දරුණු බවයි.

ස්පාඤ්ඤය කොරෝනා මර්ධනය කිරීමේ අරමුණින් මේ ආකාරයෙන් හදිසි නීතිය ප්‍රකාශයට පත්කරන ලද්දේ දෙවැනි වතාවටය. වයිරසය පාලන කිරීම සඳහා ඇඳිරිනීතිය පනවන්න යැයි ප්‍රාදේශීය ආණ්ඩුවලින් කරන ලද ඉල්ලීම් සළකා බලා ඉරිදා පැවැති කැබිනට් රැස්විමේ දී මෙම තීරණය ගෙන තිබිණි.

ඇඳිරිනීතය රාත්‍රී 10 සිට පසු දා උදෑසන 6.00 දක්වා ක්‍රියාත්මක වෙයි. හදිසි නීතිය තවත් දින 15ක් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ දී විවාදයට ගෙන මාස හයක් දක්වා දීර්ඝ කරන බව ස්පාඤ්ඤ ආණ්ඩුව නිවේදනය කළේය.

ස්පාඤ්ඤය පසුගිය සතියේදී යුරෝපයේ නව කොරෝනා වයිරස ආසාදිතයන් මිලියනය ඉක්මවා ගිය පළමු රට බවට ද පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles