-2.1 C
New York

පාර්ලිමේන්තුවේ බහුතරය වැඩක් නෑ. හැමෝ ම එකතුවෙලා අර්බුදය විසඳමු

Published:

පාර්ලිමේන්තුවේ සරල බහුතරය වන 113 පෙන්නා මේ අර්බුදය විසඳිය නොහැකි බවත් සියලු දෙනාම එකතු කරගත් ගමනක් යා යුතු බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අද (22) පාර්ලමේන්තුවේ දී කීවේය.

එහි දී රනිල් වික්‍රමසිංහ කියා සිටියේ තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කතාවට එකඟවන බවයි. විශ්වාසභංගය ඉදිරිපත් කළ යුත්තේ මුදල් ඇමතිවරයාගේ කතාවෙන් පසුව බව ද හිටපු අගමැතිවරයා කීවේය.

“රඹුක්කන වෙඩි තියන්න අණ දුන්නේ කවුද කියා තාම කිව්වේ නෑ. ඒ සිද්ධිය පරීක්ෂාකරන්න නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයාත් ගිහින් තිබෙනවා. එතන හිටපු ජ්‍යෙෂ්ඨම පොලිස් නිලධාරියා තමයි වෙඩි තියන්න කියන්නේ. බී රිපෝට් එකට ඔහුගේ නම ඇතුළත් විය යුතුයි. නමුත් බී ‍රිපෝට් එක වෙනුවට ඒ ‍රිපෝට් එකක් දුන්නා. බී රිපෝට් එකේ නම් කැපුව. ඔක්කොම විනය කඩකරලා. මේ නියෝගය ආවේ පිටත තැනකින් ද. ‍නියෝගය දුන්නේ කවුද කියා කියලා මේක ඉවර කරන්න.” යැයි ද රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

Related articles

Recent articles

spot_img