-5.9 C
New York

Litro gas සිලින්ඩරය 5,000 ඉක්මවයි. කැබිනට් අනුමැතිය ගන්න යැයි අගමැති කියයි

Published:

ලිට්‍රෝ ගෑස් සමාගම කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 5,175ක් දක්වා ඉහළ දැමීමට ගෙන ඇති තීරණය අමාත්‍ය මණ්ඩලයට යොමුකර අනුමැතිය ලබාගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් දැනුම් දී තිබේ.

ලිට්‍රෝ සමාගම නිවේදනය කළේ අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් සිලින්ඩරයක් රුපියල් 2500.00කින් ඉහළ දැමීමට තීරණය කළ බවයි. ඒ අනුව එහි නව මිල රුපියල් 5,175.00ක් දක්වා ඉහළ යයි.

මේ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් එකවිට මිල ඉහළ දමන වැඩිම අගය මෙය වන අතර ඒ අනුව ගෑස් සිලින්ඩරයක් දෙගුණයකට ආසන්න මිලකින් ඉහළ යාම ද විශේෂත්යකි.

අගමැතිවරයාගේ උපදෙස් අනුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා එය යොමුකෙරෙනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ ආරංචිමාර්ග සඳහන් කරයි.

අප්‍රේල් 13 දක්වා 17 වැනි දා දක්වා ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම් පර්යන්තය වසා දමන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කර තිබුණ ද අද (22) දක්වාම එහි බෙදාහැරීමේ කටයුතු ආරම්භ වී නැත.

Related articles

Recent articles

spot_img