-0.4 C
New York

පලස්තීනුවෝ ඊශ්‍රායල පොලිසියට ගල් ගසති

Published:

අද (22) ජෙරුසලමේ අල්-අක්සා මුස්ලිම් පල්ලි පරිශ්‍රයේ දී ඊශ්‍රායල පොලිසිය සමඟ ඇති වූ ගැටුමකින් අවම වශයෙන් පලස්තීනුවන් 31 දෙනෙකු තුවාල ලබා ඇති බව පලස්තීන වෛද්‍යවරු පවසති.

ඊශ්‍රායල පොලිසිය පැවසුවේ සියගණනක් මිනිසුන් ගල් හා ගිනිකෙළි විසි කිරීමට පටන් ගැනීමත් සමග තත්ත්වය පාලනය කිරීමට තමන් මැදිහත් වූ බවයි.

උදෑසන යාඥාවෙන් පසු පොලිසිය පරිශ්‍රයට ඇතුළුවී ඇති අතර එහි සිටි පලස්තීනුවන් 200 ක පමණ පිරිසකට රබර් උණ්ඩ සහ ග්‍රෙනේඩ් ප්‍රහාර එල්ල කර තිබේ. ගැටුම් වාර්තා කරමින් කරමින් සිටි මාධ්‍යවේදීන් පිරිසකට පොලිසිය ඉතා ආසන්නයේ සිට රබර් උණ්ඩවලින් වෙඩි තැබූ බව දුටුවෝ පැවසූහ.

යුදෙව්වන්ගේ සහ මුස්ලිම්වරුන්ගේ වන්දනා ස්ථානයක් ලෙස හඳුන්වනු ලබන පරිශ්‍රයේ ප්‍රචණ්ඩත්වය පසුගිය සතිය පුරා ඉහළ ගොස් තිබිණ. විචාරකයින් පවසන්නේ ඊශ්‍රායල-පලස්තීන ගැටුමක් නැවත ඇතිවේයැයි බියක් හටලෙන ඇති බවයි.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව මාර්තු මාසයේ සිට ඊශ්‍රායල හමුදා විසින් බටහිර ඉවුරේ වැටලීම් වලදී අවම වශයෙන් පලස්තීනුවන් 29 දෙනෙකුවත් මරා දමා ඇති අතර මාරාන්තික ප්‍රහාර මාලාවකින් ඊශ්‍රායලයේ පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් ඇති බව ඊශ්‍රායල පොලිසිය සහ වෛද්‍යවරු ප්‍රකාශ කළහ.

මෙම වසරේ නොසන්සුන්තාවයන් උග්‍රවී ඇත්තේ මුස්ලිම් ශුද්ධ වූ රාමසාන් මාසය වන යුදෙව් පාස්කු උත්සවයට සමගාමීව ය.

Related articles

Recent articles

spot_img