spot_img
spot_imgspot_img

ඖෂධ වර්ගවලින් 50%ක් ම නෑ. රෝහල් පද්ධතිය ම අනතුරක

පුවත්

විදෙස්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ නිරන්තරව ම තොග තිබිය යුතු ඖෂධ වර්ග සහ ශල්‍ය ද්‍රව්‍යවලින් 50%ක් මේ වනවිට එහි නොමැති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කරයි.

මේ වනවිට ජීවතාරක්ෂක ඖෂධ වර්ග 06ක්, අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 229ක් තොග අවසන්ව තිබේ. අත්‍යාවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය 2,721ක් ද මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය තුළ ඖෂධ වර්ග 525ක් සහ ශල්‍ය ද්‍රව්‍ය 5,376ක තොග අවසන් වී තිබේ.

එම අංශය සතුව තොග තිබිය යුතු ඖෂධ වර්ග සංඛ්‍යාව 1,358කි. ඒ අනුව මේ වනවිට ඖෂධ වර්ග 38.7%ක තොග එම අංශය සතුව නොමැති අතර තිබිය යුතු ශල්‍ය ද්‍රව්‍ය 8,553න් නොමැති සංඛ්‍යාව 5,376ක් බැවින් එය ප්‍රතිශතයක් ලෙස  62.9%කි.

හදිසි හෘදයාබාධ සඳහා භාවිතා කරන ඖෂධ, ජලභීතිකාව සඳහා භාවිතා කරන එන්නත් මේ වනවිට අවසන්ව තිබේ. ඖෂධවේදීන් පවසන්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මේ ඖෂධ වර්ග ඇණවුම් කර ඇතත් ලංකාවට පැමිණීම තවත් සති 06ක් පමණ ප්‍රමාද වන බවයි.

රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී.තිලකරත්න පවසන්නේ මීට මාස හතරක පමණ සිට මෙවැනි තත්වයක් රටතුළ ඇතිවිය හැකියැයි පෙන්වාදුන් බවයි. නමුත් ඒ සඳහා කිසිදු සාධනීය මැදිහත්වීමක් නොවූ බැවන් අර්බුදය උග්‍රවී ඇති බව ද ඔහු පවසයි.

මෙවැනි තත්වයක් තුළ රටේ සියලුම ඖෂධවේදීන් මෙය නිසි පරිදි කළමනාකරණය කරගැනීමටත් රෝගී සත්කාර සේවය උපරිම අයුරුන් පවත්වාගෙන යාමටත් සියලු උත්සාහයන් ගත්ත ද එය තම සීමාවෙන් පිටත පවතින්නක් බව එම සංගමය පෙන්වාදෙයි. ඉදිරියේ දී රෝහල් පද්ධතිය කඩා වැටී රෝගීණ් අසරණ වීමට ඉඩ ඇති බව ද ඔවුන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!