1.6 C
New York

පාස්කු වින්දිතයෝ, පාප්තුමා හමුවෙන්න යති

Published:

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් පිරිසක් සමඟ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් ඇතුළු පිරිස් අද (22) වතිකානුව බලා පිටත්ව ගියහ.

ඔවුන් එසේ වතිකානුවට ගොස් ඇතේ පාප් වහන්සේගෙන් ලැබුණු විශේෂ ආරාධනයක් හේතුවෙවනි.

අගරදගුරුතුමා ඇතුළු අට දෙනකු අද කටාර් ගුවන් සේවයට අයත් යානයකින් දෝහා බලා ගොස් එතැන් සිට වෙනත් යානයකින් වතිකානුවට යාමට නියමිතය. පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන් 18ක්, මඩකලපුව සියෝන් දේවස්ථානයේ වින්දිතයන් 04 දෙනකු, කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ වින්දිතයන් 06 දෙනකු, මීගමුව කටුවපිටිය දේවස්ථානයේ 20 දෙනකු සහිත කණ්ඩායමක් අද උදෑසන 10.00 ට පමණ එමිරේට්ස් යානයකින් ඩුබායි බලා පියාසර කළ අතර එතැන් සිට වෙනත් යානයකින් වතිකානුවට යාමට නියමිතය.

Related articles

Recent articles

spot_img