රජයට සහය දක්වමින් සිට මේ වනවිට ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරු 41 දෙනා විසින් නව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා යෝජනා අද (22) උදෑසන කතානායකවරයාට බාර දී තිබේ.
එම ව්‍යවස්ථා සංශෝධන යෝජනා සියල්ල නීතිපතිවරයාට යැවීම සඳහා කටයුතු කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ස්වාධීනව කටයුතු කරන විජේදාස රාජපක්ෂ කියා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ 20 වැනි සංශෝධනයේ කරුණු ඉවත්කර, 19 වැනි සංශෝධනයේ තිබූ ප්‍රජාතන්ත්‍රවාදී කරුණු නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර බල තුලනය කිරීමේ අරමුණින් මෙම යෝජනා ඉදිරිපත් කළ බවයි.